වසර 500 කට පසු යුරෝපයට දරුණු නියඟයක්

389

දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රතිපලයක් ලෙස හටගෙන ඇති ගෝලීය උණුසුම හේතුවෙන් යුරෝපය පුරා හටගෙන ඇති දරුණු නියඟයත් සමගම ඇළ දොළ ගංගාවන්ගේ ජලය දරුණු ලෙස සිඳී යමින් පවතින බව වාර්තා වී තිබේ.

මාස දෙකක පමණ කාලයකින් කිසිදු වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් හටගෙන ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මත බටහිර, මධ්‍යම හා දකුණුදිග යුරෝපා රටවල් වසර 500කට පමණ පසු මුහුණ පා ඇති දරුණුම නියං තත්ත්වයට මුහුණ පා සිටින බව යුරෝපා රටවල කාලගුණ විද්‍යාඥයෝ පවසති. මෙම තත්ත්වය මත රයින් වැනි යුරෝපයේ ප්‍රධාන පෙළේ ගංගාවල පවතින ජලය ද සිඳී යමින් පවතින අතර එහි ප්‍රතිපලයක් ලෙස ඇළ දොළ ගංගාවල සිටින මත්ස්‍ය සම්පත පවා විනාශ වී යමින් පවතින බව ඔවුහු කියා සිටිති. මේ වන විට යුරෝපයට තවත් කලකින් වර්ෂාව පතිත වන වන ලකුණක් හෝ පෙනෙන්නට නොමැති බව යුරෝපා කාලගුණ විද්‍යාඥයෝ අවධාරණය කර සිටිති.

සංස්කරණය
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment