වසර 600කට පෙර මිලියන ගණනකට මරු කැඳවූ වසංගතය පැතුරුණු ස්ථානය හඳුනාගනී

543

වසර 600 ගණනකට පෙර යුරෝපයේ, ආසියාවේ හා උතුරු අප්‍රිකාවේ මිලියන දසදහස් ගණනක් මරණයට පත් කළ ‘ලැක් ඩෙත්’ හෙවත් මහාමාරිය වසංගතය පැතිරීම ආරම්භ වූ ස්ථානය පිළිබඳව එම වසංගතයට ගොදුරු වී මියගිය පුද්ගලයන්ගේ දත් ආශ්‍රිතව සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය කරගැනීමට බටහිර පර්යේෂකයන් පිරිසකට හැකි වී තිබේ.

කිර්ගිස්තානයේ ‘ඉස්සික් කුල්’ විල ආසන්නයේ පිහිටි සොහොන්වල භූමදානය කර ඇති අදාළ මහාමාරිය වසංගතයෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරුවල ඇති දත්වල ඩීඑන්ඒ ජාන අණු පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු වසර 600 ගණනකට පෙර ලොව පුරා විශාල පිරිසකට මරු කැඳවූ මහාමාරිය වසංගතය පැතිරීම ඇරඹි ඇත්තේ වසර 1330 ගණන්වල මධ්‍යම ආසියාවේ පිහිටි කිර්ගිස්තානයෙන් බව එම පර්යේෂකයෝ හෙළි කර තිබේ. ස්කොට්ලන්තයේ ස්ටර්ලින් විශ්වවිද්‍යාලය, ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් ආයතනය හා ටුබින්ගෙන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් මෙම පර්යේෂණය සිදු කර තිබේ. ‘බුබොනික් ප්ලේග්’ නමින් හැඳින්වුණු 14 වැනි ශත වර්ෂය මැද භාගයේ පැතිර ගිය මහාමාරිය වසංගතය මිනිස් ඉතිහාසයේ විශාල පිරිසක් මරණයට පත් කළ දරුණුම වසංගතයක් ලෙස ඉතිහාසගත වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment