වසර 7ක් තිස්සේ දැරියක අපයෝජනය කිරීමේ සිද්ධිය… පොලිසිය එන විට දැරියත් අරන් බිත්තියක බඩගා සොල්දරේ හැංගිලා… රෝහල්ගත වී සිටින දැරියගෙන් ප‍්‍රකාශයක්

695

වසර 7 ක් පුරා දසදෙනකු අතින් අපයෝජනයට ලක්වෙමින් සිටි 13 හැවිරිදි දැරිය අවසන් වරට රැුගෙන ගොස් සිටි 32 හැවිරිදි විවාහක එක්දරු පියා විසින් ඇය රඳවාගෙන සිටි නිවසට පොලිසිය පැමිණි අවස්ථාවකදී එම දැරිය රැුගෙන බිත්තියක බඩගා එම නිවසේ වහලයට ගොඩවී සොල්දරයේ සැඟවී සිට ඇති බව ද අනාවරණය වී ඇත. රෝහල් ගතව සිටින දැරිය විසින් ලබා දෙමින් සිටින ප‍්‍රකාශ මත මෙම කරුණු අනාවරණය වන බව පොලිසිය පවසයි.
 
 නාවලපිටිය හරංගල ප‍්‍රදේශයේ පදිංචි මෙම දැරිය නිවසින් අතුරුදන්ව ඇති බව පවසමින් ඇගේ මව විසින් මෙම මස 3 වැනි දින නාවලපිටිය පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබිණි.
 
 ඊට දින 4 කට පසු, 7 දින ඇයගේ මව විසින් මෙම දැරිය සොයාගෙන නාවලපිටිය පොලිසිය වෙත කැඳවාගෙන පැමිණි පසු අනාවරණය වූ තොරතුරුවලට අනුව ඇය රැගෙන ගොස් රඳවා තබාගෙන සිටි මෙම 32 හැවිරිදි විවාහක පුද්ගලයා අත්අඩංගුවට ගෙන දැරිය රෝහල්ගත කර තිබිණි.
 
 නාවලපිටිය දිස්ත‍්‍රික් මහ රෝහලේ අධිකරණ වෛi නිලධාරි විශේෂඥ වෛi ජේ. එම්. මහානාම මහතා විසින් සිදුකළ පරීක්‍ෂාවෙන් පසු මෙම දැරිය කිහිපදෙනකු අතින් දීර්ඝ කාලයක් තිස්සේ අතවරයට ලක්ව ඇති බව හඳුනාගැනීමත් සමඟ පොලිසිය ඒ පිළිබඳව විමර්ශන අරඹා සිද්ධියට අදාළ පුද්ගලයන් දසදෙනකු අනාවරණය කරගෙන තිබේ.
 
 ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශ‍්‍රියන්ත පීරිස් මහතාගේ මැදිහත්වීමෙන් සහකාර පොලිස් අධිකාරි ඕ. පී. අමරබන්දු මහතා මෙහි පරීක්‍ෂණ කණ්ඩායම්වල ප‍්‍රධානියා ලෙස පත් කිරීමෙන් පසු මෙම දසදෙනාගෙන් 7 දෙනකු ඊයේ (21 දා* වනවිට අත්අඩංගුවට ගත් බව අමරබන්දු මහතා සඳහන් කරයි.
 
 දැරියගේ මව විසින් 3 වැනි දින පොලිසියට පැමිණිලි කිරීමට පෙර ගම්වාසීන් විසින් සිද්ධිය ළමා ආරක්‍ෂණ අධිකාරියට පැමිණිලි කර තිබී ඇති අතර, ඒ අනුව නාවලපිටිය පොලිසියේ කොස්තාපල්වරයකු ඒ පිළිබඳව සොයා බැලීමට පසුගිය පළමු දින හරංගල ඉලූක්පිටිය ප‍්‍රදේශයට ගිය අවස්ථාවේ එම පොලිස් නිලධාරියා දුටු සැකකරු දැරිය මෙසේ සඟවා තිබේ.
 
 දැරියගේ පියා, බාප්පා කෙනකු, ඥාතීන් හා මත්කුඩුවලට ඇබ්බැහිවුවන් මෙම දැරියගේ අපයෝජනයට හවුල්කරුවන් බව හඳුනාගෙන ඇති අතර ඒ අය වයස අවුරුදු 18 සිට 43 දක්වා පිරිසක් වේ.
 
 මේ පිරිස අතර යුද හමුදා සේවයේ අයකු ද සිටි අතර ඔහු පෙරේදා (20 දා* දින අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් තිදෙනකු අත්අඩංගුවට  ගැනීමට නියමිතව ඇත.
 
 ඒ හරංගල ප‍්‍රදේශයේ දෙදෙනකු හා මාවතුර නයාපාන ප‍්‍රදේශයේ පදිංචිකරුවකුය.
 
 රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින මෙම සැකකරුවන් අතරින් නාවලපිටිය කුවින්ස්බරි වත්තේ පදිංචිකරුවකු ඊයේ හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට යොමු කිරීමට නියමිත බව ද දැනට අත්අඩංගුවට ගත් 6 දෙනකු හඳුනාගෙන ඇති බව ද පොලිසිය පවසයි.
 
 මේ සිද්ධියට ආධාර අනුබල දුන් ඇගේ නැන්දණිය ද රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අතර, අනුබල දුන් තවත් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලිසිය පවසයි.
 
 මේ අතර ගම්පොළ කොට්ඨාස ස්ථානීය පරීක්‍ෂණ අංශයේ ස්ථානාධිපති ප‍්‍ර. පො. ප. චම්පික විමලරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් සිදුකළ පරීක්‍ෂාවකදී දැරිය වරින්වර තබාගෙන සිටි ස්ථාන 10 ක් හෙළි කරගෙන ඇති අතර තවත් ස්ථාන කිහිපයක් පිළිබඳ පරීක්‍ෂණ අරඹා තිබේ.

 
 ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment