වසර 72 කට පසුව රිටි පැනීමෙන් පදක්කමක්

266

5 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාව 2023

උස්බෙකිස්තානයේදී පැවැත්වෙන 5 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දීමට මාරිස්ටෙල්ලා විද්‍යාලයීය ක්‍රීඩක තුශේන් සිල්වා පෙරේදා (27 වැනිදා) සමත් වූයේය.

බාලක රිටි පැනීම ඉසව්වේ මීටර් 4.70ක දස්කමක් දක්වමින් ඔහු එම පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර එය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව මෙන්ම නව යොවුන් ජාතික වාර්තාවක් ද වේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ආසියානු මට්ටමේ තරගාවලියක දී රිටි පැනීම පදක්කමක් දිනා ගැනීමට සමත් වූයේ වසර 72කට පසු වන අතර අවසන් වරට එම ඉසව්වෙන් පදක්කමක් දිනා ගැනීමට එම්. ඒ. අක්බාර් 1951 වසරේදී සමත් වී තිබුණේය.

එමෙන්ම බාලක මීටර් 400 පළමු මූලික තරගයට සහභාගි වූ ජත්‍ය කිරුළු තත්පර 48.57ක කාලයකින් තුන්වැනි ස්ථානය ලබා සිය ඉසව්ව අවසන් කර අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූයේය.

advertistmentadvertistment
advertistmentadvertistment