වසර 74 ක් තිස්සේ  එකිනෙකාට චෝදනා කිරීමෙන්  රට ගොඩගන්න බැරිවෙලා – වජිර අබේවර්ධන (එජාප)

88

ජාත්‍යන්තරය සෑම වෙලාවකම අපේ රට දුර්වල තැනක තබන්න, රටක් කළ නොහැකි අය නායකයන් බවට පත්කරන්න උත්සාහ කළ බවත් එවැනි අයගෙන් මහජනතාව පරිස්සම් විය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

නිදහස ලබා වසර 74 ක ඉතිහාසය දෙස බැලූ විට ද එකිනෙකාට චෝදනා ඉදිරිපත් කිරීම නිසා ශ්‍රී ලංකාව ගොඩගන්න බැරි වී ඇති බව සියලු දෙනාම මතක තබාගත යුතු බව ද ඒ මහතා ඊයේ (14 දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.

කඩා වැටුණු ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළට ඔසවා තැබිය හැකි දර්ශනයක්, වැඩපිළිවෙළක් තිබෙන එකම නායකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. ඔහුගේ ඒ ගමන සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශ්ව එක්ව කොන්දේසි විරහිතව සහයෝගය ලබාදිය යුතුයි.

රනිල් වික්‍රමසිංහ මහතා දුටුවම ලෝකයේ රටවල් බය ඇති. එතුමා දුටුවාම ලෝකයේ රටවල් එතුමා ගැන සැක හිතනවා ඇති. හැබැයි ඒ සැක හිතෙන්නෙ. බය හිතෙන්නෙ දන්නවා එතුමාට රටක් හසුරුවලා ඒ රට ලෝකයේ ඉහළ තැනකට ඔසවා තබන්න පුළුවන් කියලා.

ලෝකය එක්ක සටන් කළ හැකි නායකයෙක් ජාතියේ වාසනාවට ජනාධිපති ධුරයට පත් වෙලා. අපි එයින් ප්‍රයෝජන ගත යුතුයි. පටු ප්‍රශ්න තිබෙන්න පුළුවන්.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment