වසර 80 ක් පැරැණි විදුලි සෝපානයට සමුදෙති

771

වර්ෂ 1941 ස්විට්සර්ලන්තයෙන් මෙරටට ගෙන්වන ලද පළමු ෂින්ඞ්ලර් සෝපානයට සමුදීමේ පුවතක් කොළඹින් අපට අසන්නට ලැබිණි.

බවර් සමාගමේ සාමාන්‍යාධිකාරී (මිලදී ගැනීම් සහ පරිපාලන) ෂේන් පීටර්ස් මහතා සහ වසර 33 ක් පුරා ස්විට්සර්ලන්තයේ ෂින්ඞ්ලර් සෝපාන සන්නාමයේ මෙරට නියෝජිතයන් වන ටේ‍්‍රඞ් ප්‍රොමෝටර්ස් සමාගමේ සම කළමනාකාර අධ්‍යක්‍ෂ අනෝමාල් ද සොයිසා මහතා සමග අවසාන වරට සෝපානය භාවිත කරමින් ඊට හිමිවිය යුතු ගෞරවය ලබා දෙමින් එම සෝපානයට සමුදෙන ලදී.

බවර් සමාගමේ සාමාන්‍යාධිකාරී මිලදී ගැනීම් සහ පරිපාලන ෂේන් පීටර්ස් මහතා (වමේ) ටේ‍්‍රඞ් ප‍්‍රමෝටර්ස් සමාගමේ සම කළමනාකාර අධ්‍යක්‍ෂ අනෝමාල් ද සොයිසා මහතා සමග අවසාන වරට සෝපානය භාවිත කළ ආකාරය ඡුායාරූපයේ දැක්වේ. ශ‍්‍රී ලංකාව ‘සිලෝන්’ නාමයෙන් හැඳින්වුණු 1941 දී බවර් සමාගම මෙම ෂින්ඞ්ලර් සෝපානය මිලදී ගත් අතර මෙරටට ගෙන්වන ලද පළමු ෂින්ඞ්ලර් සෝපානය වූයේද එයයි. වසර 80 ක විශිෂ්ට සේවා කාලයක් නිමකළ මෙම සෝපානය තවත් වසර 80 ක් පමණ සේවා සැපයීමේ හැකියාව තිබුණද අමතර කොටස් සපයා ගැනීමේ සහ නඩත්තු සේවා දුෂ්කරතා හේතුවෙන් මෙලෙස සේවයෙන් ඉවත් කිරීමට එම සෝපානය මෙතෙක් භාවිත කළ බවර් සමාගම කටයුතු යොදා තිබුණත්, ෂින්ඞ්ලර් වර්ගයේ සෝපානයක්ම එහි ඉකුත්දා අලූතින් ස්ථාපිත කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment