වසර 87 ක් පැවැති නීතිය වෙනස් කළා : ඉඩමේ අයිතිය පවුලේ සියලු දරුවන්ට හිමියි

859

ඉඩමක අයිතිය පවුලේ වැඩිමහල් පිරිමි දරුවාට හිමිවිය යුතු බවට වසර 87 ක් පුරා පැවැති නීතිය ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව දරුවන් සියලූ දෙනාට හිමිවන ආකාරයට ඉඩම් පනත සංශෝධනය කළ බව ඉඩම් ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා ඊයේ (11 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එමෙන්ම දීමනාපත‍්‍රලාභී ඉඩම්වල පමණක් පැවැති ගැටලූ රැසකට නව පනතින් විසඳුම් ලැබෙන බව ද ඒ මහතා කියා සිටියේය.

වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (11 දා) පෙරවරු 10 ට රැස්විණි.

ප‍්‍රථමයෙන් ලිපි ලේඛන, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්ත‍්‍රීවරු විසින් වාචික පළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

අනතුරුව 27 (2) යටතේ විශේෂ ප‍්‍රකාශ සිදු කිරීම හා ඒවාට පිළිතුරු සැපයීම සිදුවිය.

ඉන් පසුව බුද්ධික පතිරණ මහතාගේ, වයස අවුරුදු 60 ඉක්මවා ඇති පුද්ගලයන් සමඟ සක‍්‍රීය පුද්ගලයන් ලෙස පත්කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීම, රෝහණ බණ්ඩාර මහතාගේ දේශීය නිෂ්පාදන ක‍්‍රියාවලිය පණගැන්වීම, රෝහිණී කුමාරි විජේරත්න මහත්මියගේ ශ‍්‍රී ලංකාවේ මනෝ උපදේශකයන්, මනෝ චිකිත්සකයන් නියාමනය කිරීම පිළිබඳ පෞද්ගලික මන්තී‍්‍ර යෝජනා තුන විවාදයට ගැනිණ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment