වසර 92 කට පසුව සත්කාරකයන්ට පරාජයක්

299

ලෝක කුසලාන පාපන්දු තරගාවලියක සත්කාරක රාජ්‍යය පළමු තරගයෙන් පරාජයට පත් වූ පළමු අවස්ථාව කටාර් රාජ්‍යය සහ ඉක්වදෝරය අතර පෙරේදා (20 වැනිදා) පැවති තරගයේදී වාර්තා විය. ඉක්වදෝරය 2 – 0 ක් ලෙස එම තරගය ජයගත් අතර එරට ක්‍රීඩක එතර් වැලෙන්සියා තරගයේ 16 වැනි සහ 31 වැනි මිනිත්තුවේදී එම ගෝල වාර්තා කළේය. මෙම ජයග්‍රහණය වාර්තා වූයේ 1932 වසරේ ආරම්භ වූ පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙහි පළමු තරගයෙන් සත්කාරක රාජ්‍යයට එරෙහිව ලද පළමු ජයග්‍රහණය ලෙසයි.

advertistmentadvertistment
advertistmentadvertistment