වස්කඩුවේ යතුරුපැදි – බස් අනතුරෙන් කමාන්ඩෝ සෙබළාට බරපතළ තුවාල

464

යුද හමුදා කමාන්ඩෝ සෙබළකු රාජකාරි නිමවා නිවසට යමින් සිටියදී කොළඹ වරායේ රාත්‍රි වැඩමුරයට සේවකයන් රැගෙන යමින් පැමිණි බස් රථයක පෙරේදා (13 දා) පස්වරුවේ වස්කඩුව ගාලුපාරේ දී ගැටී බරපතළ තුවාල ලබා ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලබා ඇත්තේ මතුගම, ඕපාත ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙකි. ඔහු ගනේමුල්ල කඳවුරේ රාජකාරියේ නියුතු කමාන්ඩෝ සෙබළෙකි.

යතුරුපැදිකරු පානදුර දෙස සිට කළුතර දෙසට ධාවනය කර ඇති අතර, බස් රථය කළුතර දෙස සිට පානදුර දෙසට ධාවනය වෙමින් තිබී ඇත. එහිදී වාහන දෙක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇතැයි පොලිසිය කීය.

යතුරුපැදිකරු පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර, හිසට සහ පාදයකට බරපතළ තුවාල සිදුව සිටි ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බැවින් කොළඹ ජාතික රෝහලට යොමුකළ බව රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය.

ස්ථානාධිපති (වැ.බ.) පොලිස් පරීක්ෂක සිසිර ෆොන්සේකා මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දයන්ත වටගෙදර මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයන්වරුන් වන, සනත් චන්ද්‍රසිරි (49746), අජිත් (8411), පුෂ්පවෙල (55325), නයනකුමාර (40173) සහ කොස්තාපල් සෙනවිරත්න (69058) යන මහත්වරු පරීක්ෂණ පවත්වති.

ආර්. ඒ. එස් ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment