වසීම් අක්‍රම් එයි

582

ලංකා ප්‍රිමියර් ලීග් තෙවැනි අදියරයේ සන්නාම තානාපතිවරයකු ලෙසින් කටයුතු කරන හිටපු පාකිස්තානු ක්‍රිකට් නායක වසීම් අක්‍රම් මහතා ඊයේ (22 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණියේය.

මෙවර තරගාවලිය සඳහා නම් කර ලද සන්නාම තානාපතිවරුන් තිදෙනා අතරින් එක් අයකු වන වසීම් අක්‍රම් මහතා අවසන් කණ්ඩායම් 4 අතර යටතේ ඊයේ දිනයේ පැවැති සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය නැරඹීම සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය පැමිණීමටද නියමිතව සිටියේය. තරගාවලියේ අවසන් මහ තරගය අද (23 වැනිදා) පැවැත්වෙන අතර එම තරගාවසානයේ පැවැත්වෙන ජය සංකේත ප්‍රදානයේ ආරාධිත කථිකයා ලෙසද අක්‍රම් මහතා සහභාගිවීමට නියමිතව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment