වසු පැටියකු ප්‍රසූත කළ කිරි එළදෙන ගෙල කපා මරා මස් කරලා

118

කැපූ බෙල්ලබෝක්කුවක් යටට විසිකරලා

සැකකරු අත්අඩංගුවට

වසු පැටියකු බිහිකළ මවු එළදෙනක සොරකම් කර මස් පිණිස මවු එළදෙනගේ ගෙල කපා හිස බෝක්කුවක් යටට විසිකළ පුද්ගලයෙකු පෙරේදා (30) අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය පවසයි. වසු පැටියා වාද්දුව හබරලගහලන්ද ප්‍රදේශයේ එළවළු කොටුවක් ආසන්නයේ වැටී සිටියදී සොයාගන්නා ලද අතර මවු එළදෙනගේ ගෙල කපා බෝක්කුවක් යටට විසිකර තිබියදී සොයාගත් බවද පොලිසිය කීය.

වාද්දුව මොල්ලිගොඩ මහවිහාර පාරේ පදිංචි කිරි ගවයින් ඇති කරන පුද්ගලයෙකු විසින් කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.

කිරි එළදෙන පෙරදින වසු පැටියකු ප්‍රසූත කර ඇති අතර පැටියාගේ ආරක්ෂාව පතා රාත්‍රියේ නිවස අසල ගරාජයක ගැටගසා තිබී ඇත. අළුයම 2 ට පමණ වෙනත් එළ ගවයෙකු කෑ ගසන හඬ ඇසී බලනවිට කිරි එළදෙන සහ වසු පැටියා දක්නට නොලැබුණ බවට පැමිණිල්ලේ සඳහන්ව තිබූ බව පොලිසිය කීය.

ඒ අනුව පරීක්ෂණ කළ පොලිසිය හබරලගහලන්ද ප්‍රදේශයේ බෝක්කුවක් යට තිබී කිරි එළදෙනගේ හිස සොයාගෙන ඇති අතර පසුව හබරලගහලන්ද ප්‍රදේශයේම පදිංචි 22 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ගාත දෙකක් කපා ගවමස් කිලෝ 7 ක් අසල්වාසීන්ට අලෙවි කළ බවත් එළදෙනගේ සිරුර එළවළු කොටුවක් අසල වළ දැමූ බවටත් ප්‍රකාශ ලබාදී ඇතැයි පොලිසිය පැවසීය.

එළවළු කොටුව ආසන්නයේ එළදෙන ගැටගසා මන්නා පිහියෙන් ගෙල කපා හිස අසල තිබූ බෝක්කුවක් යටට විසිකළ බවද සැකකරු පවසා ඇත.

සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරීවරුන් වන නිශාන්ත සේනාරත්න සහ ජේ.කේ.එස්.කේ. ජයනෙත්ති යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමීන්ද්‍ර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ ස්ථානාධිපති

උප පොලිස් පරීක්ෂක නිශ්සංක, සැරයන් ජගත් සිරිවර්ධන (41155), කොස්තාපල්වරුන් වන චානක (36249) සහ ධනංජය (102431) වැටලීමට එක්වූහ.
ආර්. ඒ. එස්. ප්‍රේමතිලක බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment