වළදැමූ රත්‍රං සොයන්න කොළඹින් ගිය දෙදෙනා පුදුකුඩිඉරිප්පුවලින් මාට්ටු

246

කොටි සාමාජිකයන් විසින් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇති රත්‍රන් තොගයක් ගොඩ ගැනීමට දකුණේ සිට ගිය තවත් දෙදෙනකු ඉකුත් 07 දා මුලතිව් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ලැබුණු තොරතුරක් මත මේ දෙදෙනා පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයට යෑම සඳහා නගරයේ රැඳී සිටි අවස්ථාවේදී ඔවුන් දෙදෙනාව පරීක්ෂාවට ලක්කළ අවස්ථාවේදී අධිබලැති ස්කෑනර් යන්ත්‍රයක් හා තවත් උපකරණ කීපයක් මොවුන් සතුව තිබී සොයා ගෙන ඇත.

මොවුන් දෙදෙනා කොළඹ සිට මුලතිව් ගොස් ඇත්තේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වළ දමා ඇති රත්තරන් තොගයක් ගොඩ

ගැනීමට බවට තොරතුරු හෙළි වී ඇති අතර ඔවුන් මුලතිව් නගරයේ රැඳී සිට ඇත්තේ තවත් පිරිසක් එම ස්ථානය වෙත පැමිණෙන තෙක් බවටද තොරතුරු ලැබී තිබේ.

සැකකරුවන් දෙදෙනා මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment