ව්‍යවස්ථාදායක සභාවේ කඹ ඇදිලි කොමිෂන්වලට සාමාජිකයන් පත් කිරීමත් පස්සට

63

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා 3 ක සාමාජිකයන් පත් කිරීම පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ගේ එකඟත්වයක් නොමැතිවීම හේතුවෙන් කල්යමින් පවතින බව වාර්තා වේ.

සාමාජිකයන් පත් කර ගැනීමට නොහැකිව ඇති අනෙක් කොමිෂන් සභා වන්නේ මානව හිමිකම් කොමිසම හා පොලිස් කොමිසම යන ආයතනයන්ය. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් පත්වීමෙන් පසුව සියලු ස්වාධීන කොමිෂන් සභා විසිර ගිය අතර ඒවාට නව සාමාජිකයන් පත් කිරීමට නියමිත විය.

නව සාමාජිකයන් පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවට පැවැරුණි. ජනපතිගේ, අගමැතිගේ නියෝජිතයන් මෙන්ම විපක්ෂයේ නියෝජිතයන්ගෙන් හා සිවිල් සමාජ නියෝජිතයන්ගෙන් ව්‍යවස්ථාදායක සභාව සමන්විතය. එහි සාමාජිකයන් කිහිප දෙනකුගේ කඹ ඇදීමක් නිසා මෙලෙස මෙම ආයතන සඳහා සාමාජිකයන් පත් කිරීම කල් යමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙම කොමිෂන් සභා පිහිටුවනු ලැබුවේ එය ආයතන පාරදෘශ්‍යභාවයෙන් යුතුව කටයුතු කිරීම වෙනුවෙනි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment