ව්‍යවස්ථාදායක සභාව පත් කරන්න කියා කීප සැරයක් ඉල්ලුවා – ඇමැති විජයදාස

128

පාර්ලිමේන්තුවෙන් නව ව්‍යවස්ථාදායක සභාවක් පත්කරන තෙක් මැතිවරණ, පොලිස්, අල්ලස් ඇතුළු ස්වාධීන කොමිෂන්වල සභාපතිවරුන් ලෙස සිටින්නේ වැඩබලන සභාපතිවරුන් යැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා පැවසීය.

නව ව්‍යවස්ථාදායක සභාවක් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු පත්කරන ලෙස අගමැති, කථානායක සහ විපක්‍ෂ නායකවරයාට අවස්ථා කිහිපයකදී දැනුම් දී තිබෙන බවත් ඇමැතිවරයා පැවසීය.

ඔවුන් විසින් එම ව්‍යවස්ථාදායක සභාව පත්කළ පසු ස්වාධීන කොමිෂන්වල සිටින සභාපතිවරුන් තවදුරටත් තබා ගන්නවාද අලුතෙන් සභාපතිවරුන් පත්කරනවාද යන්න ව්‍යවස්ථාදායක සභාව මගින් සිදු කළ යුතු බවද ඇමැතිවරයා සඳහන් කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment