ව්‍යවස්ථාවේ ආරක්ෂකයා කියා ගන්නා රනිල් උද්ඝෝෂණය කිරීමේ අයිතියට අත තියලා – කුමාර් ගුණරත්නම්  

146

ව්‍යවස්ථාවේ ආරක්ෂකයා ලෙස පෙනී සිටින රනිල් වික්‍රමසිංහ ගෝල්ෆේස් අරගලයට පහර දෙමින් ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති ජනතාවගේ භාෂණයේ නිදහස හා උද්ඝෝෂණය කිරීමේ නිදහස අභියෝගයට ලක් කරමින් සිටින්නේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඊයේ (22දා) පැවසීය.

මර්දනයට බියේ ජනතාව පලා යා යුතු නැතැයි ද නැවත වරක් සංවිධානය විය යුතු යැයි ද හෙතෙම මෙහිදී පැවැසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

කුමාර් ගුණරත්නම් මහතා මෙසේද පැවසීය.

ගෝල්ෆේස් අරගලයට හමුදාව යොදවා රනිල් වික්‍රමසිංහ කරපු තිරස්චීන ප්‍රහාරයක් අපි හෙළා දකිනවා. මේක නිවට හා බියගුළු ප්‍රහාරයක්. මැතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කරපු රනිල් ජනාධිපති වුණේ පස්ස දොරින් ඇවිල්ලා. ජනතාව මර්දනය කරමින් පාලනය ගෙනියන්න හදන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහගේ මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන දේශපාලන ව්‍යාපාරය වටා ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ හා ජනතාව එක් විය යුතුයි කියා අපි යෝජනා කරනවා. ඒ මේ දේශපාලන ක්‍රමය පරාජය කරන්නයි. ඒ වගේම නව ජනතාවාදී පාලන ක්‍රමයක් ස්ථාපිත කර ගන්න ජනතාව පාර්ලිමේන්තුවෙන් පිටත සංවිධානය විය යුතුයි. ඡන්දය දීම විතරක් නොකර ජනතාව ඍජුව පාලනයට මැදිහත් විය යුතුයි.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment