ව්‍යවස්ථා සභාවේ සිවිල් තිදෙනා පත් වෙති

477


විසි එක් වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්තා සංශෝධනය අනුව අලු‍තින් පිහිටුවනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයන් තිදෙනා ලෙස ආචාර්ය ප්‍රතාප් රාමනුජාම්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන අය පත්කිරීමට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (18) හිමිවිය.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අග්‍රාමාත්‍ය සහ විරුද්ධ පක්ෂයේ නායක යන දෙදෙනාගේම නාමයෝජනා මත මෙම තිදෙනා නම් කරන බවද ඔහු සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment