ව්‍යාජ අංක තහඩුවක් ගසාගෙන තෙල් ගහන්න පැමිණි අයට රු. 25000ක් දඩ – රියැදුරු බලපතත් අත්හිටුවයි

90

කුඩා ලොරි රථයකට ව්‍යාජ අංක තහඩුවක් සවිකරගෙන මිනුවන්ගොඩ නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට පැමිණ ඩීසල් ලබා ගැනීමට යාමේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණ ලොරි රථ රියදුරුට රුපියල් 25,000 ක දඩයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය පසුගිය 22 වෙනිදා නියම කළාය.

දඩ මුදල නියම වූ රියදුරුගේ රියදුරු බලපත්‍රය ද අත්හිටුවන ලෙසට අධිකරණයෙන් නියම කෙරුණි.

මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බෙන්තොටගේ දුලාර මධුශංක නමැති රියැදුරුට මෙසේ දඩ නියම වී රියදුරු බලපත්‍රය අත්හිටවුනි.

සැකකරු එම ඉන්ධනහලෙන් ලොරි රථයට ද ඩීසල් ලබාගෙන පිටව ගොස් තිබේ. පසුව එදිනම එම ලොරියට ව්‍යාජ අංක තහඩුවක් සවිකරගෙන නැවතත් ඩීසල් ලබා ගැනීමට පැමිණ සිටියදී ඉන්ධන පිරවුම්හලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා විසින් ලොරිය සමග රියදුරුව අත්අඩංගුවට ගත් බවට අධිකරණයේදී සඳහන් විය.

මිනුවන්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ උප පො. ප. අබේරත්න මහතා පැමිණිල්ල මෙහෙයවිය.

මිනුවන්ගොඩ ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment