ව්‍යාජ පුවත් සහ සත්‍ය පුවත් අතර වෙනසකට විවාදයක්

181

වැරදි තොරතුරු සහ ප්‍රචාරණයට එරෙහි සටන මැයෙන් සම්මන්ත්‍රණයක් මානව හිමිකම් සංවිධාන සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ සහභාගීත්වයෙන් යුරෝපා පාර්ලිමේන්තුව විසින් පවත්වන ලදි.විවාදය මෙහෙයවනු ලැබුවේ යුරෝපා පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර කටයුතු උපදේශක සහ සුළු ජාතීන්ගේ ආරක්ෂාව සදහා වූ යුරෝපීය සංගමයේ සභාපති ක්ලවුඩ් මොනිකුවේට්, ප්‍රංශ හිටපු බුද්ධි අංශ නියෝජිත සහ යුරෝපීය උපායමාර්ගික බුද්ධි හා ආරක්ෂක මධ්‍යස්ථාන අධ්‍යක්ෂ නයිජල් ගුඩ්රිච් ඇතුළු පිරිසකි.

සාවද්‍ය තොරතුරු වලට එරෙහිව සටන මානව හිමිකම් මෙන්ම භාෂණ නිදහස යන දෙකම සහතික කිරීම සහ ඛේදනීය සිදුවීම් සහ ගැටුම් කලාපවල හෝ පිටුවහල්ව සිටින මානව හිමිකම් ක්‍රියාකාරීන් ඝාතනය කිරීම් වලක්වා ගැනීම සදහා යුරෝපා සංගම් නීති මගින් නියාමනය කළ යුතු යන නිගමනයෙන් විවාදය අවසන් විය. එසේම ප්‍රවෘත්ති සහ සත්‍ය තොරතුරු අතර වෙනස ඇතිකිරීමට නව පරම්පරාවක් බිහි කිරීම ද මෙහි එක් අරමුණකි.

advertistmentadvertistment
advertistmentadvertistment