ව්‍යාපාරයට ප්‍රසිද්ධියක් දුන් ජනපතිට ස්තුතියි

292

තමාගේ ව්‍යාපාරයට වෙළෙඳ දැන්වීමකටත් වඩා අතිවිශාල ප්‍රසිද්ධියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදීම පිළිබඳව එතුමාට ස්තුතිවන්ත වෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට පැවසීය.

එසේම මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට යෝජනාවක් ගෙනඒමට ක්‍රියාකරන බවට විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා කර ඇති ප්‍රකාශයක් පිළිබඳව කරුණු දක්වමින් ඒ මහතා සඳහන් කළේ මෙවැනි කොමිසමක් අහෝසි කිරීමට අදහස් කිරීම සුබවාදී නොවන බවය. මෙය මහජනතාව වෙනුවෙන් පිහිටන ලද ඉතා වැදගත් කොමිසමක් යැයිද ජනක රත්නායක මහතා කීවේය. ඔබ දේශපාලනයට පිවිසීමට යන බවට කතාවක් පැතිරී තිබෙනවා යැයි කියා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ කළ විමසීමකදී ඔහු එය තරයේ ප්‍රතික්‍ෂේප කළේය.
නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment