ව්‍යාපාරික ස්ථානයක් වටල ඩීසල් හා පෙට්‍රල් ලීටර් 1920ක් අත්අඩංගුවට

248

විකුණුවේ නෑ… තියාගත්තේ වාහන 15ට අවශ්‍ය තෙල් – ව්‍යාපාරිකයා කියයි

යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් අනුව අරන්තලාව විශේෂ බළකා කඳවුරේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ගිරාඳුරුකෝට්ටේ බෙලගන්වැව හංදියේ ව්‍යාපාරික ස්ථානයක් පිටුපස කලක පටන් වැඩි මිලට ඉන්ධන අළෙවි කළ ව්‍යාපාරිකයෙකුගේ නිවස පිටුපස සඟවා තිබූ ඩීසල් තොගයක් හා පෙට්‍රල් ඊයේ 29 දින දහවල් කරනු ලැබූ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

බුද්ධි අංශ තොරතුරුවලට අනුව මෙම ව්‍යාපාරිකයා ඩීසල් සහ පෙට්‍රල් වැඩි මුදලට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇත. සිදුකරනලද වැටලීමෙන් ඩීසල් ලීර් 1900 පමණ ප්‍රමාණයක් සහ පෙට්‍රල් ලීටර් 20ක් සොයාගෙන තිබේ.

වැටලීමෙන් පසු ව්‍යාපාරිකයා මෙහිදී කියාසිටියේ තමා මෙම මෙම ඉන්ධන මුදලට අලෙවි නොකළ බවත් තමාගේ ව්‍යාපාර කටයුතු සඳහා රථ වාහන පහළොවක් පමණ ඇති බැවින් ඒවා සඳහා මෙම තෙල් තමා සන්තකයේ තබාගත් බවයි. අත්අඩංගුවට ගත් තෙල් හා ව්‍යාපාරිකයා විශේෂ කාර්ය බලකාය නිළධාරින් විසින් ගෙන ගිරාඳුරුකෝට්ටේ පොලිසියට අධිකරණ කටයුතු සිදු කිරිම සඳහා භාරදෙන ලදී. ඉදිරි විමර්ශන කටයුතු

ගිරාඳුරුකෝට්ටේ පොලිසිය විසින් සිදු කරගෙන යනු ලැබේ.

අරංතලාව විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරි එම්. එම්. කේ. පීරිස් මහතාගේ සහ කඳවුරේ උප පොලිස් පරීක්ෂක කේ. එම්. පරණගම, පො.සැ. (39490) හේරත්, පො.කො. (35325) නුවන්, (852) කරුණාරත්න, පො.කො.රි. (27015) දර්ශණ යන නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකරනු ලැබීය.

මහියංගණ – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment