ව්‍යාපෘති 144 ක් ලංවිම ඇතුළේ පුස්කයි

192

සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් 2017 වර්ෂයේ සිට මේ දක්වා සූර්යබල, කුඩා ජලවිදුලි බලාගාර ඇතුළු බලාගාර 144 ක් ඉදිකිරීම සඳහා අයෝජකයන්ගෙන් මුදල් හා අයදුම්පත් ලබාගෙන ලංකා විදුලිබල මණ්ඩලය වෙත අනුමැතිය සඳහා යොමුකොට ඇතත් එම ව්‍යාපෘති සම්බන්ධව මෙතෙක් කිසිදු අනුමැතියක් ලබාදී නැතැයි ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

ප්‍රභවයන් 07 ක් යටතේ ව්‍යාපෘති 144 ක් වෙනුවෙන් ඉදිරිපත් වූ අයදුම්පත්වලට අනුව ධාරිතාවය මෙගාවොට් 699.96 කි. මෙම ව්‍යාපෘති සඳහා අයැදුම් කිරීමේදී අයැදුම්පත් ගාස්තු වශයෙන් රුපියල් 42,233,000 ක මුදලක් සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ලබාගෙන ඇත.

ඉදිරිපත් වන අයැදුම්පත් සඳහා අනුමැතිය ලබාදීම දිගින්දිගටම ප්‍රමාද වී පැවතුණු බවද විගණන වාර්තාවේ සඳහන් වේ. අදාළ ආයතන දෙක අතර සම්බන්ධිකරණයේ පැවැති දුර්වලතාවයන් මෙම ප්‍රමාදවීම්වලට මූලික හේතුව බවද විගණනය මගින් අනාවරණය කොට තිබේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment