ව්‍යවහාරික දේශීය නර්තනයේ බැස ගිය පහන් තරුව ශී‍්‍රමති චන්ද්‍රලේඛා පෙරේරා

707

පේ‍්‍රක්‍ෂක රසවින්දනය දශකයක් වැනි කාලයක් පුරාවට නොවෙනස්ව තබාගනිමින් තම අපූර්ව සතතානන්දනීය නර්තන රචනාවන්ගෙන් සුපෝශිත කළ නර්තනයේ සුලලිත්‍යය ගුණය සුවිශදව ගෙන හැර දැක් වූ ශී‍්‍රමති චන්ද්‍රලේඛා පෙරේරා නම් වූ කෘතහස්ත ශිල්පිනිය දැයෙන් සමුගෙන දශක අටක් සපිරෙයි.
 
 වර්ෂ 1911 අගෝස්තු මස 07 වැනි දින වෛද්‍ය ඞී. ඊ. කරුණාතිලක හා එම මැතිනියට දාව උපන් චන්ද්‍රලේඛා උපතින්ම වත් පොහොසත්කමින් හා උසස් යැයි සම්මත සමාජ පන්තියක ප‍්‍රභූ පැලැන්තියේ උපන් දැරියකි. ඔගස්ටා බ්රිත් හිල්ඩා කරුණාතිලක (බි‍්‍රන් හිල්ඩා ඔගස්ටා* යන නාමයෙන් ඇය ජන්මලාභය ලැබීය. කොළඹ විශාඛා විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ ඇයට අපරදිග සංගීත කලාව පිළිබඳව ද මනා නිපුණත්වයක් තිබුණි. ඇය විවාහපත් වූයේ ජේ. ඞී. ඒ. පෙරේරා ශි‍්‍රමතාණන් සමගය. ස්වකීය සැමියාගේ මැදිහත්වීම මත චන්ද්‍රලේඛාවන් 1930 දශකයේ උඩරට නර්තන කලාව හැදෑරුවේ රංගම ගුණමලා හා අල්ගම කිරිගණිත ගුරුන්නාන්සේලාගෙනි. ඇයගේ නර්තන සඳහා බෙර වාදනයෙන් සහය වී ඇත්තේ තරුණ පණීභාරතයි.

chandraleka1
 
 භාරතීය නර්තන කලාවන් හැදෑරීමට භාරතයට ගිය චන්ද්‍රලේඛා ශී‍්‍ර ගෝපිනාථ යටතේ කථකලි නෘත්‍ය කලාව හැදෑරීය. ඉතා දක්‍ෂ ශිල්පිනියක් ලෙස කේරළයේ සිය නෘත්‍ය විස්කම් දැක් වූ ඇයගේ ඡුායාරූප එවකට ඉන්දියාවේ උසස්ම කලා සඟරාව වූ ්රඑ ්බා ක්‍මකඑමරු හි ද පළවිණි.
 
 තාරා චව්ද්රී නම් භාරතීය නිළිය හා චන්ද්‍රලේඛා කොළඹ රාජකීය විද්‍යාලයේ රඟහලේ රැුඟුම් ඉදිරිපත් කළේ කරට කර සිටින්නට ලෙසින් බව විචාරක අදහස විය.
 
 චන්ද්‍රලේඛාගේ විශිෂ්ට නිර්මාණ අතර පත්තිනි උපත, සාරි නැටුම, නාරිලතා වන්නම (නැටුම* විජය රාජ පුවත, සීතාහරණය, අශෝකමාලා, සිරිසඟබෝ, තම්බපණ්ණී, විජය කුවේණි, සකුන්තලා වැනි සුවිශේෂි අංගයන් ද වේ. උඩරට නර්තන කලාවේ බොහෝ ශාස්තී‍්‍රය අංගයන් ද උගත් චන්ද්‍රලේඛා අල්ගම කිරිගණිත ගුරු වෙතින් හිස වෙස් පැළඳී කාන්තාවක් බවට පාත‍්‍ර විය. ඇය ලක්දිව මුල්ම වෙස් බැඳි නලඟන ලෙසින් විරුදාවලිය ලද්ද ද ඒ පිළිබඳව විවිධ මති මතාන්තර පවතී.
 
 වර්ෂ 1941 දී මාර්තු 27 රීගල් නෘත්‍ය ශාලාවේ පැවති ඇයගේ අවසන් නර්තන දැක්ම නැරඹීමට සර් ඇන්ඩ‍්‍ර කොල් ඩිකෝට් ආණ්ඩුකාර තැන හා ආර්යාව ද පැමිණ සිටීම විශේෂත්වයකි. සුවහසක් අසරණ ජනතාව ගැන මානව හිතවාදීව බැලූ චන්ද්‍රලේඛාවෝ වර්ෂ 1941 ජූලි මස 20 දින හදිසියේ අසනීප තත්ත්වයක් උත්සන්න වී නියුමෝනියා රෝගයෙන් දැයෙන් සමුගත්තාය. රජයේ කලායතනයේ ප‍්‍රධාන ආචාර්යවරයා වූ ආචාර්ය එස්. පණීභාරත, මහනුවර චන්ද්‍රලේඛා කලා පීඨයේ අධ්‍යක්‍ෂ වූ වසන්ත කුමාර, නෘත්‍යයෝදයේ අධිපති තිලෝත්තම රංජනා තංගරාජා හා හේමා ද සිල්වා ආදීහු චන්ද්‍රලේඛාගේ ගෝල බාලයෝය.
 
 දේශීය නැටුම් කලාව මෙවැනි සුවිශේෂි ගමන් මඟක් තරණය කරනු ලැබුවේ චන්ද්‍රලේඛාවන් වැනි දිරිය ශිල්පිණියන්ගේ නිර්ලෝභී වෑයමේ ප‍්‍රතිඵලයක් ලෙසිනි.
 
 සුරංග බොතේජු
 නර්තානාචාර්ය නාලන්දා විද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment