ව්‍යාජ පාස්පෝට් එකකින් ප‍්‍රංශයට පනින්න ඇවිත් කටුනායක යකා නැටූ විදේශිකයා රිමාන්ඩ්

504

ව්‍යාජ ගමන් බලපත‍්‍රයක් මගින් විදේශගත වීමට පැමිණ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණ වූ සීෂෙල්ස් ජාතිකයකු මෙම මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මීගමුව මහෙස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ Matuszewski wlodzimierz friedrich නමැත්තෙකි. පසුගිය 10 වැනිදා අලූයම 02.40 ට අබුඩාබි හරහා ප‍්‍රංශය බලා පිටත්ව යෑමට පැමිණි විදේශ ජාතික ගුවන් මගියකු ඉදිරිපත් කළ විදේශ ගමන් බලපත‍්‍රය ව්‍යාජ එකක් බව ආගමන විගමන නිලධාරීන් විසින් හ`දුනා ගෙන ඇත.

මෙම අවස්ථාවේ සැකකාර ගුවන් මගියා ගුවන් තොටුපොළෙන් පලායෑමට උත්සාහ කර තිබේ. මෙම අවස්ථාවේ ක‍්‍රියාත්මක වූ ගුවන් හමුදා සාමාජිකයන්, ගුවන් තොටුපළ පොලිස් නිලධාරින් ගුවන් තොටුපළ ආරක්ෂක අංශයේ සාමාජිකයන් හා ආගමන විගමන නිලධාරින් විසින් ගුවන් තොටුපළ උද්‍යාන ප‍්‍රදේශයේ දී එම සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

ගුවන් තොටුපළ පොලිසිය මගින් සැකකරු පසුව ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට ක‍්‍රියා කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment