ව්‍යාජ පුවතක් යොදා දිවයිනට මඩ ගැසීමක්

282

‘දිවයින’ට මඩ ගැසීම සඳහා සකස් කළ ව්‍යාජ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන්නට පටන්ගෙන තිබේ. ජනතාවාදී පුවත්පතක් ලෙස ‘දිවයින’ දරන ස්ථාවරය නොවෙනස්ව පවතී.

 එදා මෙදාතුර සෑමවිටම මාධ්‍ය මර්දනයට එරෙහිව හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාතෘ භූමියේ ආරක්‍ෂාව උදෙසා ‘දිවයින’ දරන ස්ථාවරය ද එසේමය. මඩ ගැසීම්වලින් ‘දිවයින’ මර්දනය කිරීමේ ජඩ අරමුණුවලට අප එදත් අදත් හෙටත් එරෙහිවෙමු. ‘දිවයින’ කෙරෙහි ඔබ තැබූ විශ්වාසය අප එලෙසම සුරකින්නෙමු. සත්‍යය යුක්තිය උදෙසා ‘දිවයින’ හෙටත් අභිමානවත් ලෙස ඉදිරියට යන බව අපි අවධාරණය කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment