ව්‍යාපාරිකයන් සංවිධානාත්මකව මීගමුව කලපුව ගොඩකිරීම ආරම්භ කරලා!

380

ධීවරයන්ගෙන් සහ ව්‍යාපාරිකයන් නිසා විනාශ වන මීගමුව කලපුව

එදා මීගමුව පාරම්පරික කලපු ධීවර කාර්මිකයන් විසින් තම හදවත ලෙස සලකා දැඩි ආරක්ෂාවකින් රැකගත් මීගමුව කලපුව දැන් ධීවරයන් සහ ධීවර ව්‍යාපරිකයන් විසින් විනාශ කිරීම ආරම්භ කර ඇත. ජා-ඇල කටාන මීගමුව සහ වත්තල මැතිවරණ කොට්ඨාස හතකට මැදිව පිහිටා ඇති මීගමුව කලපුවෙන් ලක්ෂ සංඛ්‍යාත කලපු ධීවර කාර්මිකයන් එදා අඩුපාඩුවකින් තොරව තම ජීවිතය ගැටගහ ගත්හ.

එහෙත් එදා පැවැති තත්ත්වය දැන් සම්පූර්ණයෙන් වෙනස්වී ඇත. දැන් කලපුව විනාශ කිරීමේ කාර්ය බාරගෙන ඇත්තේ කලපුව වටා වෙසෙන ධීවර කාර්මිකයන් සහ ධීවර මුදලාලිලා විසිනි. කලපුව වටා ජීවත්වන කලපු ධීවර කාර්මිකයන් බහුතරය තම නිවස අසල පිහිටි කඩොලාන රක්ෂිතය කපා ගොඩකරමින් එම කලපු රක්ෂිතය තම ඉඩම්වලට යාකර ගැනීම අරඹා ඇත. මීට හේතුවී ඇත්තේ මීගමුව කලපුවට එදා දැක්වූ ආදරය ඔවුන්ගෙන් ගිලිහී තිබීමය. ඔවුන් දැන් කලපුව මහා පරිමාණයෙන් විනාශ කරමින් පසුවෙති.

ව්‍යාපාරිකයන් සංවිධානාත්මකව මීගමුව කලපුව ගොඩකිරීම ආරම්භ කරලා!
කලපු කළමනාකරණ අධිකාරියේ සභාපති රමේෂ් නිලංග

මීට අමතරව කලපුව ආශ‍්‍රිතව පිහිටා ඇති මහා පරිමාණ මසුන් කරවල කිරීමේ මධ්‍යස්ථාන 7 ක් එයින් පිටවන අපවිත‍්‍ර ජලය එක් කරන්නේ මීගමුව කලපුවටය. මෙම කරවල මධ්‍යස්ථානවලට කරවල කිරීම සඳහා මසුන් ගෙන එන්නේ විදේශවලිනි. එසේ ආනයනය කරන මසුන් බොහොමයක් මිනිස් පරිභෝජනයට නුදුසු ඒවා බව පැවසේ. එසේ ආනයනය කර මසුන් කන්ටේනර් ගණනාවක් දිනපතා කරවල කිරීමේ මධ්‍යස්ථානවලට ගෙන එනු ලබයි. ඉන් අනතුරු එම මසුන් ලූනු වතුරේ ගිල්වා පසු එම මසුන් කපා ලේ සෝදා මසුන්ගේ අතුරු බහන්, ලේ ඇතුළු අපද්‍රව්‍ය මුදාහරිනු ලබන්නේ කලපුවටය. ඊට අමතරව මාළු සේදීම සඳහා භාවිතා කරන ලූනු මෙම කාලය තුළ ටොන් ගණනින් කලපුවට එක්ව කලපුවේ තිබිය යුතු ලූණු සාන්ද්‍රණය ඉක්මවා ගොස් කලපු පරිසරය විනාශ කිරීමට ද කටයුතු කර ඇත. එම කලපු ප‍්‍රෙ ද්ශවලින් මසුන් ඉවත්ව ගොස් ඇත.

මහා පරිමානයේ කලපුව ගොඩකර විනාශ කිරීමේ අලූත් තත්ත්වය උදාවී ඇත්තේ මීගමුව කඩොල් කැලේ ධීවර ගම්මානයෙනි. මෙහි ධීවර ව්‍යාපාරිකයකු කලපුව අද්දර පිහිටි කඩොලාන මැදින් අඩි 20 ක් පළල පාරක් සෑදීමට ආරම්භ කර ඇත. අක්කර පහක පමණ වපසරියකින් යුතු මෙම කලපුව ආශ‍්‍රිත ඉඩම 1986 දී කලපු රක්ෂිතයට පවරා ගෙන ඇත. ඉන් වසර 10 කට පසුව එනම් 1996 දී එම ඉඩම් කොටස මුල් අයිතිකරුට යළි පවරා දී ඇත. රජයට පවරා ගත් මෙම කලපු රක්ෂිතයේ යළි මුල් අයිතිකරුට දේශපාලන බලෑම්කොට පවරාදීම ක‍්‍රියාකර ඇත්තේ මීගමුව හිටපු නගරාධිපතිවරයකු විසිනි. පසුව ඉඩම් හිමි ව්‍යාපාරිකයා ඒ සඳහා අදාළව කටයුතු කළ නගරාධිපතිවරයාට තුටු පඬුරක් ලෙස පර්චස් 20 ක ඉඩමක් පවර දී ඇත. එය එම ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ රහසකි.

ව්‍යාපාරිකයන් සංවිධානාත්මකව මීගමුව කලපුව ගොඩකිරීම ආරම්භ කරලා!

කලපුව ගොඩකර කලපු පරිසරය විනාශ කිරීම පිළිබඳව අදහස් දැක්වූ මීගමුව කලපු කළමනාකරණ අධිකාරියේ සභාපති රමේෂ් නිලංග මහතා මෙම කලපුව අනවසරයෙන් ගොඩකර සිදුකරන මහා පරිමාණයේ ගොඩකිරීම්වලින් ආරක්ෂා කිරීම රාජ්‍ය ආයතන කොතෙක් තිබුණත් සංවිධානාත්මකව සිදුකරන කලපු විනාශය වළකා දැමීමට මේ වනවිට කිසිවකු ඉදිරිපත් නැහැ. ඔවුන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා. මෙහි ජනතාවගේ දැඩි කුතුහලයක් විමතියක් වී තිබෙනවා. කලපු රක්ෂිතයට මැදින් පාරක් තම නිවස කරා ව්‍යාපාරිකයා විසින් ඉදිකිරීමෙන් කලපු රක්ෂිතය විනාශවී කලපුව ආශ‍්‍රිතව පමණක් වෙසෙන සමහර ජලජ ජීවීන් විනාශවීම ආරම්භ වී තිබෙනවා. වහා මෙම අනවසර ගොඩකිරීම ඉවත් කිරීමට රජය ඇතුළු බලධාරීන් කඩිනමින් ක‍්‍රියාත්මක විය යුතුය. මෙම අනවසර ගොඩකිරීම් අනුගමනය කොට තවත් ව්‍යාපාරිකයන් සංවිධානාත්මකව කලපුව ගොඩකිරීම ආරම්භ කළොත් මහා පරිමාණයෙන් කලපුව විනාශවීම නවත්වන්න බැහැ යැයි ඔහු පැවසීය.

ව්‍යාපාරිකයන් සංවිධානාත්මකව මීගමුව කලපුව ගොඩකිරීම ආරම්භ කරලා!

මෙහිදී බීට්ටු වන නිලධාරී ඩබ්ලිව්. සම්පත් මහතා විසින් පවසන්නේ මෙම අනවසර ගොඩකිරීම සහ ඒවා ඉවත් කිරීමට ක‍්‍රියා කිරීමට බලය ඇත්තේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිසර අධිකාරියෙන් බවය. එහෙත් එම ආයතන ක‍්‍රියාත්මක නොවන බවක් දක්නට ලැබුන බව තවදුරටත් ඔහු පැවසීය.

මීගමුව කලපු පරිසරයට දැඩි ඇල්මක් දක්වන පරිසරවේදීන් ප‍්‍රකාශකර සිටියේ මෙම කලපු පරිසරය විනාශ කිරීම නතර කිරීමට කඩිනම් ක‍්‍රියාමාර්ගයක් නොගතහොත් තව අඩසියවසක් පමණ ඉදිරි කාලයක් තුළදී කලපුව සම්පූර්ණයෙන් විනාශවී බේතකටවත් කූනිස්සකු පවා සොයා ගැනීමට නොහැකි වන තත්ත්වයක් උදාවීම නියත බව පැවසූහ.

මීගමුව – විමල්කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment