ව්‍යාපාරිකයාගේ නිවස කොල්ලකෑම වැළැක් වූ සුනඛයාට පාදයක් අහිමිවෙයි

456

ව්‍යාපාරිකයකුගේ නිවසක් කොල්ලකෑම සඳහා පැමිණි සොර කණ්ඩායමකට එම නිවසේ සුනඛයාගෙන් බාධා එල්ලවීම නිසා ඔවුන් සුනඛයාගේ පාදයක් කපා පළාගිය පුවතක් අලූත්ගම ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි.

පසුගියදා රාත‍්‍රියේ නිවසේ පිටුපස තාප්පයෙන් ගෙමිදුලට පිවිසි කොල්ලකරුවන් නිවසට ඇතුළුවීමට උත්සාහ කළද අදාළ නිවසේ සුනඛයා ඊට දිගින් දිගටම බාධා කර ඇති බව නිවෙස් හිමියා පැවසුවේය. මිනිත්තු කිහිපයක් ගතවුවද සුනඛයාගේ බාධාකිරීම් මධ්‍යයේ නිවසට ඇතුළුවීමට නොහැකි වූ කොල්ලකරුවන් අවසානයේ කොල්ලකෑමේ අදහස අත්හැර පළායෑමට කටයුතු කර ඇත්තේ එම සුනඛයාගේ පාදයක්ද කපා දමමිනි. උදෑසන අවදිවූ නිවැසියන් කැපුම් තුවාල සහිතව වහනය වූ රුධිරය මත වැටී සිටින තම සුරතල් සුනඛයා දැක වහා වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමට කටයුතු කර තිබේ. එහිදී සුනඛයා සැත්කමකට ලක්කර ඇති අතර මෙය කිණිස්සක් වැනි තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් බව වෛද්‍ය නිගමනය වී තිබේ.

බේරුවල – චමින්ද ප‍්‍රසාද්

advertistmentadvertistment
advertistmentadvertistment