වාණිජ බැංකුවල ඩොලර් අගයන් රු. 203 ට බස්සයි

122

රාජ්‍ය හා පෞද්ගලික සියලූ වාණිජ බැංකුවල විනිමය අනුපාතික පිරික්සීමේදී ඊයේ (07දා* ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 203.00 ක මට්ටමට ස්ථාවර කරගෙන තිබෙනු දැකගත හැකි විය.

පසුගිය කාලය පුරාවට වාණිජ බැංකුවල ඇමෙරිකානු ඩොලරයේ විකිණුම් අගය මහ බැංකුව ප‍්‍රකාශයට පත් කරන අගයට වඩා සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගෙන තිබුණි. මේ නිසාම ඇමෙරිකානු ඩොලරයේ සත්‍ය රුපියල් අගය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් දැකිය හැකි විය.

එහෙත් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද විශේෂ ලිඛිත ඉල්ලීමක් අනුව මෙසේ රාජ්‍ය හා පෞද්ගලික වාණිජ බැංකුවල විනිමය අනුපාතිකවල අගය සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිකරගෙන තිබෙන බව මූල්‍ය වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසයි.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ (07දා* දිනයේදී ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 198.50 ක් හා විකුණුම් මිල රු. 202.99 ක් ලෙස වාර්තා විය. මේ අනුව ඊයේ ලංකා බැංකුව හා මහජන බැංකුව ඇතුළු සම්පත්, කොමර්ෂල්, හැටන් නැෂනල් සහ සෙලාන් යන බැංකු බොහොමයකම විනිමය අනුපාත අගයන් පරීක්ෂා කිරීමේදී ඩොලරයක විකුණුම් මිල රු. 203.00 ක් ලෙස දක්වා තිබීම විශේෂත්වයකි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment