වාණිජ බැංකුවල තිබෙන විනිමය සංචිතත් සෘණවෙලා…. රනිල් වික‍්‍රමසිංහ

205

ශ‍්‍රී ලංකාව ණය කන්දක් හිස මත තබාගෙන සිටින බවත් රටේ වියදම් සහ ණය පොලී වාරික ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

 තෙල් සංස්ථාව විසින් ගෙවිය යුතු විශාල ණයක් ඇති බවත් රට තුළ විදේශ විනිමය සංචිතයක් නැති බවත් දෙසැම්බර් මාසය වනවිට විදේශ මුදලින් කළ යුතු ගෙවීම් කරන්නේ කෙසේද යන කාරණය ගැන රජයට කිසිදු පැහැදිලි අදහසක් නැති බවත් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් සඳහන් කළේය.

 මෙහිදී අදහස් දැක්වූ වික‍්‍රමසිංහ මහතා,

 ගිය අවුරුද්දේ ලෝක තෙල් මිල අඩු වුණා. ඒත් ඒ වෙලාවේදී ප‍්‍රමාණවත් තෙල් තොග මිලට ගැනීමට අපට මුදල් තිබුණේ නැහැ. දැන් ලෝක තෙල් මිල වැඩිවෙලා. ඒ නිසා මේ ණය මුදල ඩොලර් බිලියන 1.3 දක්වා ඉහළ

 ගිහිල්ලා තියෙනවා. ඒ එක්කම මේ වනවිට අපේ වාණිජ්‍ය බැංකුවල තියෙන විදේශ විනිමය සියල්ලම සෘණ තත්ත්වයකට පත්වෙලා. මේ රටේ ඉතිහාසයේ කවදාවත් එහෙම තත්ත්වයක් ඇතිවුණේ නැහැ. මේකට ප‍්‍රධාන හේතුවක් තමයි මේ රටේ බැඳුම්කර ජාත්‍යන්තර වෙළෙඳපොළට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒවා මිලට ගැනීමට කිසිදු ජාත්‍යන්තර ගනුදෙනුකරුවකු ඉදිරිපත් නොවීම. මේ නිසා ආණ්ඩුව මහත් අපහසුතාවකට පත්වුණා. එබැවින් අපේ බැඳුම්කර ඩොලර්වලින් මිලට ගන්නැයි වාණිජ්‍ය බැංකුවලට කියන්නට ආණ්ඩුවට සිද්ධ වුණා. මේ බැඳුම්කර සියල්ලම තිබුණේ ඩොලර්වලින්. වාණිජ්‍ය බැංකුවලින් ඩොලර්වලින් මිලදීගත් බැඳුම්කර ඩොලර්වලින් හෝ රුපියල්වලින් මිලදී ගැනීමට මේ වෙලාවේ කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් ඩොලර්වලින්

 ගනුදෙනු කරන බැඳුම්කරයක් ලාභයක් තබාගෙන නැවත විකිණීමේ හැකියාවක් තිබෙනවා. ඒත් අපේ රටේ බැඳුම්කර ලාභයට තියා පාඩුවටවත් කාටවත් විකුණන්න බැහැ. මෙතැනදී වැදගත් ප‍්‍රශ්නයක් මතුවෙනවා. පළමුවැන්න තමයි ජාත්‍යන්තර වෙළෙඳපොළේදී නැවතත් බැඳුම්කර විකුණන්නේ කොහොමද කියන එක. ඊළඟ ප‍්‍රශ්නය තියන බැඳුම්කර ණය ගෙවා ගන්නේ කොහොමද කියන එක. මේ වෙලාවේ අතිරේක බැඳුම්කර වෙළෙඳ පොළට දමලා විකුණන්න බැහැ. අපේ ආර්ථිකය කඩාගෙන වැටිලා. ඒ බව මුළු ලෝකෙම දන්නවා. ආර්ථිකය කඩා වැටුණේ කොවිඞ් නිසා හෝ සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම නිසා පමණක්ම නොවෙයි. පහුගිය අවුරුදු දෙකක කාලයක් තුළ අපිට ආර්ථිකය හරියට කළමනාකරණය කරගන්න බැරි වුණා. දැන් කොවිඞ් ප‍්‍රශ්නය බැලූවොත් එයට අවශ්‍ය එන්නත් ලබාගැනීම අවශ්‍යයි කියන එක මුලින් කතා වුණේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේදී. එතකොට ආණ්ඩුවට යෝජනා දෙකක් ලැබුණා. එකක් තමයි ඇස්ට‍්‍රා සෙනෙකා, ෆයිසර්, මොඩර්නා යන එන්නත් මිලට ගැනීමේ යෝජනාව. ප‍්‍රධාන සමාගම් තුනක් එම එන්නත් සපයන්න ඉදිරිපත් වුණා. ඒත් එහෙම මිලට ගන්නට අපට මුදල් තිබුණේ නැහැ. ඊළඟ අවස්ථාව තමයි එම එන්නත් ලංකාවට ගෙන්වා විකිණීමට තිබුණු අවස්ථාව. එය හරි ගියෙත් නෑ. ඒ අතර අයර්ලන්තයේ සමාගමක් ලෑස්ති වුණා ලංකාව වෙනුවෙන් ඇස්ට‍්‍රා සෙනෙකා මාත‍්‍රා කෝටියකට වැඩි ප‍්‍රමාණයක් සපයන්නට. ඒත් මේවට ගෙවන්න අපට මුදල් තිබුණේ නෑ. දැන් කොවිඞ් එන්නත්වලට ලොව පුරා රටවලින් තිබෙන ඉල්ලූම ඉතා ඉහළයි. ඒ ඉල්ලූම ඇතුලේ තරග කරලා එන්නත් මිලට ගන්න අපට ආර්ථික ශක්තියක් නෑ.

 කාබනික පොහොර පිළිබඳ ප‍්‍රශ්නය සම්පූර්ණ බොරුවක් බවත් රසායනික පොහොර මෙරටට ගෙන්වීම නවත්වා කාබනික පොහොර වෙත යොමුවීමට රජය උත්සහ ගත්තේ රසායනික පොහොර ගැනීමට මුදල් නැති නිසා බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment