වාද විවාද කළාට අයි. එම්. එෆ් ගිවිසුම තාම පාර්ලිමේන්තුවට දී නෑ – කිරිඇල්ල

56

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ කටයුත්ත සම්බන්ධයෙන් දින තුනක විශේෂ විවාදයක් පැවැත්වුවද එම මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27 දා) කියා සිටියේය.

ඊට අමතරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුමේ කොන්දේසිවලට ද විපක්ෂයේ ප්‍රධානතම පක්ෂය වන සමගි ජන බලවේගය විරුද්ධ බව ද එම විවාදයේ දී අදහස් දක්වමින් හෙතෙම පැවසීය.

“සභානායකතුමා දැන් අයි.එම්.එෆ්. ගිවිසුම ගැන කිව්වත් ගිවිසුම තාමත් සභා ගත කරලා නෑ. අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ විස්තීරණ අරමුදල් පහසුකම් යටතේ ඔබතුමාලා කරපු ඉල්ලීමයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන ගිවිසුමයි. තවමත් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ. ගිවිසුම නැතුව තමයි අපි මේ වාද විවාද කරන්නේ. ගිවිසුමේ මොනවා තියෙනවද කියලා අපි දන්නේ නෑ. වත්මන් ජනාධිපතිතුමා ජනාධිපති වුණාට පස්සේ පාර්ලිමේන්තුවට කීප වතාවක් ආවා. අපි කිව්වා ගිවිසුමේ අඩංගු කරුණු අපට දෙන්න කියලා. නමුත් කිසිම කරුණක් අපට දුන්නේ නෑ” යැයි ද කිරිඇල්ල මහතා කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment