වායුගෝලය නරක්වෙලා කොළඹට හොඳ මදි

65

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ (16 දා) පැවැති වායුගෝලයේ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර ආකාරයෙන් වාර්තාවී ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

ඒ අනුව ඊයේ (16 දා) පෙරවරු 11.30 වනවිට දිවයිනේ පැවැති වායුගෝලයේ තත්ත්වය අනුව නරකම වායු තත්ත්වය කොළඹ නගරයෙන් වාර්තා වී ඇත. එහි වායු ගුණාත්මක අගය අදාළ දර්ශකයේ ඒකක 135ක් වූ බව එම ආයතනය කියා සිටී.

ඊට අමතරව, ගම්පහ නගරයේ වායු ගුණාත්මක අගය ඒකක 130ක්, යාපනේ නගරය ඒකක 128ක් කොළඹ බත්තරමුල්ල බස්නාහිර ප්‍රදේශය ඒකක 121ක් ලෙස වායු දර්ශක අගයන් වාර්තා වී තිබේ.

කෙසේ වෙතත් වායු ගුණාත්මක දර්ශකයට අනුව මිනිස් ශරීර සෞඛ්‍යයට අහිතකර අගයන් ලෙස දැක්වෙන්නේ ඒකක 101-150ක් දක්වා වූ මට්ටම් බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment