වායු දූෂණය පහළට – ශ්‍රී ලංකාවේ වායු තත්ත්වය ඊයේ යහපත් මට්ටමට

181

ශ්‍රී ලංකාවට බලපෑ වායු ගෝලයේ දූෂණ මට්ටම ඊයේ (11දා) පහළ ගොස් තිබිණි.

ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය ඊයේ පෙරවරුවේ නිකුත් කළ දත්තවලට අනුව මෙරට වායු තත්ත්ව දර්ශකය පෙරේදා (10දා) දිනයට සාපේක්ෂව ඊයේ පහළ ගොස් තිබිණි.

ඊයේ උදෑසන 8 වන විට කොළඹ දිස්ත්‍රික්කයේ වායු තත්ත්ව දර්ශකය 123 ක් දක්වා පහළ යෑමත් සමග එය යහපත් මට්ටමට වර්ධනය වී ඇත. පෙරේදා එහි අගය දැක්වුණේ 191 ක් ලෙසය. එමෙන්ම පුත්තලම – 117, යාපනය – 109, මහනුවර – 106, පොළොන්නරුව- 103, කුරුණෑගල – 100, කෑගල්ල – 97 ලෙස එම අගය දැක්වේ.

කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ වායු තත්ත්ව දර්ශකය අනුව ඊයේ පෙරවරු 11ට කොළඹ අගය 117 ක් ලෙස සටහන්ව තිබිණි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment