වායු දූෂණය හේතුවෙන් යුරෝපා ළමා මරණ ඉහළට

149

පවතින දරුණු වායු දූෂණය හේතුවෙන් වාර්ෂිකව යුරෝපා රටවල වෙසෙන කුඩා ළමුන් හා යෞවනයන් 1200කට අධික සංඛ්‍යාවක් මරණයට පත් වන බව යුරෝපා පාරිසරික ආයතනය විසින් නිකුත් කර ඇති නවතම අධ්‍යයන වාර්තාවක සඳහන් කර තිබේ. කුඩා ළමුන් මෙසේ වායු දූෂණයට නිරාවරණය වනුයේ ඔවුන් මවු කුසේ සිටින අවස්ථාවේ සිට වැඩිවියට පත්වන තෙක් කාලසීමාවේදී බව එම වාර්තාවේ දැක්වේ. මෙසේ වායු දූෂණයට නිරාවරණය වන ළමුන් හා යෞවනයන් ඇදුම, පෙනහළුවල ක්‍රියාකාරීත්වය අඩු වීම ශ්වසන ආසාදනයන් හා ආසාත්මිකතාවන්ට වැඩි වශයෙන් ගොදුරු වන බව හෙළිවී තිබේ.

මෙම අධ්‍යයනය සඳහා යුරෝපා සංගමයට අයත් රටවල් 27ක් ඇතුළුව යුරෝපා රටවල් 30ක වෙසෙන ජනතාව උපයෝගි කරගෙන තිබූ අතර අධ්‍යයනයට ලක් වූ නාගරික ප්‍රදේශවල වාසය කරන ජනතාවගෙන් සියයට 97ක්ම ආශ්වාස කරනුයේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති මට්ටමේ නොපවතින දූෂිත වායූන් බව මෙහිදී අනාවරණය වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment