වාරකන්වලට පෙර ගල් අගුරු නාවොත් නොරොච්චෝලෙත් නවතියි

361

මෙම මස අගභාගයේ දී වාරකන් කාලය ඇරැුඹෙන බැවින් ඊට පෙර ගල්අඟුරු ගෙනැවිත් ගොඩබා කර ගැනීමට පියවර නොගතහොත් ලබන ජුලි මාසයෙන් පසු නොරොච්චෝල ගල්අ`ගුරු බලාගාරයත් නතරවනු ඇතැයි ඉංජිනේරුවෝ අනතුරු අ`ගවති.

 මෙගාවොට් 900 ක් ජාතික විදුලි පද්ධතියට එක් කරන මෙම විදුලි බලාගාරයත් නතර වුවහොත් පවතින විදුලි අර්බුදය දෙගුණ තෙගුණ වී රට අර්බුදයකට යනු ඇතැයි ඔවුහු කියා සිටිති. නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය සතුව දැනට ඇති ගල්අ`ගුරු ප‍්‍රමාණවත් වන්නේ ලබන ජූලි මාසය තෙක් පමණි. මෙම මස අගභාගයේ ඇරැුඹෙන වාරකන් සමය ලබන නොවැම්බර් පමණ පවතින බැවින් ඒ කාලයේ දී ගල්අඟුරු ගොඩබා කර ගැනීමට නොහැකි වේ. සෑම වසරකදීම අපේ‍්‍රල් වාරකන්වලට කලින් ගල්අ`ගුරු ඇණවුම් කර ඒවා ගොඩබා කරගත් බව නොරොච්චෝල බලාගාර ප‍්‍රධානියෙක් ද අවධාරණය කළේය.

 ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment