වාරකන් කාලයට පෙර නොරොච්චෝලෙට ගල්අඟුරු නැව් 8 ක් ගෙන්වා ගන්න බැහැ

232

විදුලි ඉංජිනේරු සභාපතිඑළැඹෙන වාරකන් කාලයට පෙර නොරච්චෝල බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු නැව් 38 ක් ගෙනඒමට නියමිත වුවත් මේ වනවිට එම නැව්වලින් නැව් 08ක් මගහැරී ඇතැයි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවසීය.

වාරකන් කාලය ලබන වසරේ අප්‍රේල් 15 වැනිදා පමණ සිට සැප්තැම්බර් 15 පමණ වනතෙක් පවතින බවත් මගහැරී ඇති නැව් 08 ගෙන්වා ගතනොහැකි බවත් වීරරත්න මහතා කීය.

ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000 ක් සහිත නැවක් පැමිණීමට සති දෙකක් ද ගල්අඟුරු ගොඩබෑමට දින පහක් ද ගතවන බවත් පැවසූ ඒ මහතා නැව් ඇණවුම් කිරීමට සියයට 30 ක අන්තිකාරම් මුදලක් ලබාදී නැව් පැමිණ ඉතිරි සියයට 70 ගෙවන තෙක් ගල්අඟුරු ගොඩබෑම සිදුනොකරන බවත් පැවසීය. මීට සතියකට පමණ පැමිණි නැවට මුදල් ගෙවා ගල්අඟුරු ගොඩබාගත් බවත් ඊයේ (01 දා) පැමිණීමට නියමිතව තිබූ නැවට ගල්අඟුරු ගොඩ බෑමට පෙර ඉතිරි මුදල් ගෙවිය යුතු බවත් ඔහු කීය.

2022 අදාළ ටෙන්ඩරය අහෝසි වීම නිසා 2021 ටෙන්ඩරයට අදාළව ගල් අඟුරු නැව් 05 ක් ඇණවුම් කර ඇත. නිසි කලට ගල්අඟුරු ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් විදුලි කප්පාදු කාලය දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි ද වීරරත්න මහතා තවදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment