වාරණය නිමයි ‘‘ඉගිලෙන මාළුවෝ’’ එයි

269

දීර්ඝ කාලයක් තිස්සේ පැවැති වාරණය නිමා කරමින් සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කළ ඉගිලෙන මාළුවෝ සිනමාපටය මෙරට සිනමාශාලාවල ප‍්‍රදර්ශනය සඳහා රැඟුම් පාලක මණ්ඩලය අවසර ලබා දී ඇත.

ඒ අනුව සිනමාපටය ප‍්‍රදර්ශනය කිරීම සඳහා ඊ.ඒ. පී. මණ්ඩලය සමග පවතින ගිවිසුමට අනුව ඉගිලෙන මාළුවෝ නුදුරේදීම මෙරට පේ‍්‍රක්ෂකයන්ට දැක ගැනීමට හැකි වන බව සංජීව පුෂ්පකුමාර සඳහන් කළේය. ඉගිලෙන මාළුවෝ 2011 වසරේ රූපගත කරන ලද්දකි. මේ රටේ පැවති තිස් වසරක යුද්ධයට මැදි වූ මිනිසුන්ගේ ජීවිත පිළිබඳ කතාව සංජීව සිය නිර්මාණයට පාදක කරගෙන තිබේ.

වාරණය නිමයි ‘‘ඉගිලෙන මාළුවෝ’’ එයි

නොර්ට‍්‍රඩෑම් සිනමා උළෙලේදී මුල් වරට ප‍්‍රදර්නය කළ ඉගිලෙන මාළුවෝ සිනමාපටය අන්තර් ජාතික සිනමා උළෙලයන් 30 කට වඩා නියෝජනය කර තිබේ. ගයේෂා පෙරේරා, සම්පත් ජයවීර, කෞෂල්‍යා ප‍්‍රනාන්දු, වසන්ති රංවල, නිලංක දහනායක, සංජිව දිසානායක, සුමති සිව්මොහන චරිත නිරූපණය කරති.

  • තිස්ස
advertistmentadvertistment
advertistmentadvertistment