වාර්තා වී ඇති සංඛ්‍යාව මෙන් තුන් ගුණයකට වැඩි පිරිසක් කොරෝනාවෙන් මරුට

239

මෙතෙක් ලොව පුරා රටවලින් නිල වශයෙන් වාර්තා කර ඇති කොරෝනා මරණ සංඛ්‍යාවට වඩා තුන් ගුණයකින් වැඩි සංඛ්‍යාවක් කොරෝනා ආසාදනයෙන් මේ වන විට මිය ගොස් ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කර ඇති නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

මේ අනුව කොරෝනා වෛරස් ආසාදනය ප‍්‍රථම වරට වසංගතයක් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පියවර ගෙන වසර දෙකක කාලයක් ගත වීමෙන් පසු ලොව පුරා රටවලින් නිල වශයෙන් වාර්තා කර ඇති ආසාදනයෙන් මිය ගිය සංඛ්‍යාව මිලියන 5.9ක් පමණ වුවද සැබවින්ම ආසාදනයෙන් මිය ගොස් ඇති සංඛ්‍යාව මිලියන 18.2ක් වන පර්යේෂකයෝ පවසති. මෙම අධ්‍යයනයේදී පර්යේෂකයන් විසින් ලොව පුරා රටවල් හා කලාප 191ක සිදු වූ කොරෝනා මරණ පිළිබඳව අධ්‍යයනය කර තිබූ අතර එහිදී සොයා ගැනුණු කොරෝනා මරණ සංඛ්‍යාව ගෝලීය වශයෙන් මෙතෙක් වාර්තා වී ඇති සැබෑ කොරෝනා මරණ සංඛ්‍යාව බව පර්යේෂකයෝ පවසති. මෙහිදී වාර්තා වී තිබූ ඇතැම් මරණ කොරෝනා වෛරසය නිසා සිදුව තිබූ අතර සෙසු මරණ කොරෝනා ආසාදනයට සම්බන්ධ ඒවා බව පර්යේෂකයෝ පවසති. මෙහිදී ගණනය කරන ලද කොරෝනා මරණ සංඛ්‍යාවට අනුව ජනගහනයෙන් ලක්ෂයකට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 120ක් විය. මෙහිදී වොෂින්ටන් සරසවියේ පර්යේෂකයන් විසින් අධිකව සිදුව ඇති කොරෝනා මරණ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී ගෝලීය මරණ දත්ත එකතුව මානව මරණ දත්ත එකතුව යුරෝපා දත්ත කාර්යාලයීය දත්ත එකතුව යන වෙබ් අඩවිවලින් දත්ත එක් රැුස් කරගෙන තිබේ. මෙසේ එකතු කරගත් දත්තවලට අනුව ලොව පුරා රටවලින් නිල වශයෙන් වාර්තා කර තිබූ කොරෝනා මරණ සංඛ්‍යාවට අයත්ව නොතිබූ හෘදය වස්තුව හා පෙනහළු ආශ‍්‍රිතව හටගත් සංකූලතා හේතුවෙන් මරණයට පත් වූ කොරෝනා ආසාදිතයන් පිළිබඳව තොරතුරු
රැස් කරගැනීමට පර්යේෂකයන්ට හැකි වී තිබේ.

මෙසේ අලූතින් ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාවට එකතු කර ඇති මරණවලින් වැඩි සංඛ්‍යාවක් ලතින් ඇමරිකාව, යුරෝපය හා සහරා කාන්තාරය ආශ‍්‍රිත අප‍්‍රිකානු කලාපවලට අයත් අඩු ආදායම්ලාභී රටවලින් වාර්තා වී තිබෙන බව ‘ලන්සෙට්’ වෛද්‍ය සඟරාවේ පළ කර ඇති එම අධ්‍යයනයේ වාර්තාවේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment