වාර විභාග කිහිපයක් කල් දමයි

228


බස්නාහිර සහ මධ්‍යම පළාත් සභාවලට අයත් පාසල්හි ශ්‍රේණි කිහිපයක හෙට පැවැත්වීමට නියමිතව තිබූ වාර විභාග කිහිපයක් කල් දැමීමට එම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු තීරණය කර ඇත.ඒ අනුව බස්නාහිර පළාතේ 09,10 සහ 11 වැනි ශ්‍රේණි සඳහා හෙට පැවැත්වීමට නියමිත වාර විභාග සඳහා විෂයයන් මෙම මස 21 සහ 22 යන දින දක්වා කල් දමා තිබේ.මධ්‍යම පළාතේ 06 සිට 09 දක්වා ශ්‍රේණි සඳහා පැවැත්වීමට නියමිත විභාගය මෙම මස 17 වැනිදා ද 10 සහ 11 ශ්‍රේණි සඳහා වාර විභාගය මෙම මස 22 වැනිදා ද පැවැත්වීමට තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment