වාසු නිල වාහනය සහ නිල නිවස භාරදෙයි

345

‘ඉවත් කරන තෙක් ඇමැතිකමේ ඉන්නවා ඕනෑ නම් වෙන අයෙක් පත්කර ගත්තාවේ’

වාසු නිල වාහනය සහ නිල නිවස භාරදෙයි

ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා තම රාජකාරී වාහනය සහ නිල නිවාසය ඊයේ (14 දා) සිය අමාත්‍යාංශය වෙත භාර දී ඇත.

ඒ අනුව ඔහු භාවිත කළ ටොයොටා ලෑන්ඞ් කෲසර් වර්ගයේ සී.ඒ.එස්. 9494 දරන මෝටර් රථය ද, කොළඹ 7 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි නිල නිවස ද නැවත භාරදී ඇත.

මේ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා සඳහන් කළේ තමන් අමාත්‍ය මණ්ඩලයේ රැුස්වීම් වර්ජනය කිරීමත් අමාත්‍යාංශයේ රාජකාරීවලින් ඉවත්වීමත් හේතුවෙන් තවදුරටත් වාහන සහ අනෙකුත් අමාත්‍යාංශයේ පහසුකම් ලබා ගැනීම සදාචාර නොවන බැවින් මෙම තීරණයට එලැඹි බවයි.

තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන තෙක් එම ධුරයේ තවදුරටත් රැුඳී සිටින බව කී හෙතෙම ආණ්ඩුවට අවශ්‍ය නම් ජල සම්පාදන අමාත්‍යාංශය සඳහා නව ඇමැතිවරයකු පත් කළ හැකි බව ද කීවේය.

ප‍්‍රවාහන අවශ්‍යතා සලසා ගැනීම සඳහා තම පවුලේ සහෝදරයකුගෙන් ලබා ගන්නා පෞද්ගලික ඇල්ටෝ වර්ගයේ කුඩා කාර් රථයක් ඉදිරියට භාවිත කරන බවත් වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් කීවේය.

සිරිමන්ත රත්නසේකර, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment