වාසු සහනයක් දෙයි

372

නව ජල සම්බන්ධතා ලබා ගැනීමේදී හිමිකම් නොමැති ඉඩම් වෙනුවෙන් මෙතෙක් කලක් අය කරන ලැබූ ගාස්තුව කපා හරින ලෙස ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතා අද (23 දා) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට උපදෙස් දී ඇත.

ඒ අනුව මෙතෙක් කාලයක් ජල සම්බන්ධතා ලබාගැනීමේදී හිමිකම් නොමැති පදිංචිකරුවන්ගෙන් අතිරේකව අය කරනු ලැබූ රුපියල් 1500 ක මුදල කපා හැරීමට නියමිතය .

මෙම අතිරේක අය කිරීම අත්හිටුවීමේ චක්‍රලේඛය අද සිටම ක්‍රියාත්මක කරන ලෙසද ඇමති වාසුදේව නානායක්කාර මහතා උපදෙස් දී තිබේ .

අඩු ආදායම්ලාභී ජනතාව ඇමති වාසුදේව නානායක්කාර මහතා මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment