වාහනයට නැග්ගෙ කවුද කියා අනුර කියයි

1080


පාර්ලිමේන්තුව අසල සිටි විරෝධතාකරුවන් පිරිසක් සමග ඊයේ කතා බහ කරමින් සිටියදී වාහනයට නැග්ගේ තමාගේ ආරක්ෂක නිලධාරියෙක් බව ජාතික ජන බලවේගය පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.තමා වාහනයේ ගමන්කරන විට නිතර තම ආරක්ෂකයින් කිහිප දෙනෙක් ඒ අවට ප‍්‍රදේශයේ ආරක්ෂාවේ නිරතව සිටින බවත් එසේ නොවුනහොත් මහ මගදී ජීවිත හානියකට ලක්වීය හැකියැයිද කීවේය.අපිත් අපේ ආරක්ෂාව ගැන අවධානය යොමුකරනවා.මෝඩකමට බෙල්ල දෙන්න එන්නේ නැතැයිද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment