වාහනයට නැග්ගේ පෞද්ගලික ආරක්‍ෂකයෙක් ඔ්නෑ නම් ඉදිරිපත් කරන්නම්

227

සිය පක්ෂයේ තරුණ සහෝදරයන් මෙන්ම යතුරුපැදිකරුවන් යොදවා තම ආරක්ෂාව සලසා ගන්නා බව ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එසේ කරන්නේ පසුගිය කාලයේ විවිධ ඝාතන සිද්ධි සහ පහරදීම් සිදුවන විට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ව සිටි පුද්ගලයා මේ වන විට ජනාධිපති ධුරය දරන බැවින් යැයිද හෙතෙම සඳහන් කළේය.

තම ජීවිතය මහමගදී හෝ වෙනයම් ස්ථානයකදී ඉතා ලාභ ලෙස අහිමි කිරීමට ඉඩ නොදීම පිණිස එලෙස පුද්ගලික ආරක්ෂාවක් යොදා ගෙන ඇතැයිද, ජනතා විරෝධතාවකට මැදිවූ අවස්ථාවකදී තම ජීප් රියට හෙල්මටයක් පැළැඳ නගිනු ලැබුවේ සිය ආරක්ෂාවට යෙදවුණු තරුණයකු බවද හෙතෙම පැවසීය.

මේ පිළිබඳ පරීක්ෂණයක් හෝ ප‍්‍රශ්න කිරීමක් සඳහා අවශ්‍ය වන්නේ නම් එම තරුණයා ඉදිරිපත් කළ හැකි බවද අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරුන් එම හෙල්මටය පැළැ`ද ජීප් රියට නැග්ගේ කවුදැයි දැඩිව ප‍්‍රශ්න කළ අතර මේ වන විට රට තුළ කි‍්‍රයාත්මක විරෝධතා රැලිවලට ජනතා විමුක්ති පෙරමුණ දැඩිව සම්බන්ධ බවට ඔවුහු චෝදනා කළහ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment