වාහනවලට තෙල් දීමට නව ක්‍රමවේදයක් එයි

282

ඉන්ධන පිරවුම්හල්වල මෙහෙයුම් කටයුතු කාර්යක්‍ෂමව කිරීම සම්බන්ධයෙන් යෝජිත ක්‍රමවේදයට අනුව සියලුම රථවාහන පිරවුම්හල්වල ලියාපදිංචි කිරීමේදී ලැබෙන අංකයේ අවසාන ඉලක්කමට අනුව ඉන්ධන නිකුත් කිරීමේ දින මේ වනවිට බලශක්ති අමාත්‍යාංශය මගින් හඳුන්වාදී තිබේ.

ඒ අනුව එම ලියාපදිංචි අංකයේ අවසන් අංකය 0, 1, 2 නම් රථවාහන සඳහා සඳුදා සහ බ්‍රහස්පතින්දා යන දිනවලදී ඉන්ධන නිකුත් කෙරෙනු ඇත.

3, 4, 5 යන ඉලක්කම් සඳහා අඟහරුවාදා සහ සිකුරාදා යන දිනයන්හිදී ද, 6, 7, 8, 9 යන ඉලක්කම් සඳහා බදාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන්හිදී ද ඉන්ධන නිකුත් කරනු ලැබේ.

මෝටර්රථ, යතුරුපැදි සහ ත්‍රිරෝදරථ සඳහා ලියාපදිංචි අංකය අනුව ඕනෑම සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක් මගින් සතියකට හෝ මසකට නියමිත ඉන්ධන ප්‍රමාණය නිකුත් කිරීමේ වැඩපිළිවෙළ මේ අනුව ඉදිරි සති කීපය තුළ ක්‍රියාත්මක වේ.

ඉන්ධන පිරවුම්හල්වල රථවාහන ලියාපදිංචි කිරීම සිදුවන්නේ පොලිසිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගිනි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment