වාහන අලෙවිය බින්දුවට ම වැටෙයි

649

ශ්‍රී ලංකාවේ වාහන අලෙවි ව්‍යාපාරය මේ වනවිට බින්දුවට වැටී ඇතැයි මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා “දිවයින”ට පැවසීය.

දැනට මෝටර් රථයකට හිමිකම් කියන කිසිම අයකු ඔවුන් සතුව තිබෙන වාහන විකිණීමට හොයන බවත් අලුතින් වාහනයක් මිලදී ගන්නට කිසිවකු උත්සහ නො ගන්නා බවත් ඒ මහතා කීය.

මේනිසා මෝටර් රථ අලෙවි කර්මාන්තය මේ වනවිට සම්පූර්ණයෙන් ම පාහේ නතර වී ඇතැයි ද කුලතුංග මහතා පැවසීය.

කොරෝනා වසංගතයත් සමග මෝටර් රථ කර්මාන්තය සම්පූර්ණයෙන් ම පාහේ කඩා වැටීමත් පසුව වාහන ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය නිසා වාහන අලෙවි කර්මාන්තයේ නිරත වූ අය විකල්ප ක්‍ෂේත්‍රවෙත යොමු වූ බව ද ඒ මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment