වාහන ආනයනයට අලුත් සැලැස්මක්… මහ බැංකු අධිපති කියයි

691

රටට අලුතින් විදේශ විනිමය ලැබෙන පරිදි වාහන ආනයනය කිරීමේ යෝජනාවක් තිබෙන බවත්, හෙට අනිද්දා ම එය රජයට ඉදිරිපත් කරන බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (14 දා) මහ බැංකු මූලස්ථානයේදී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

වාහන ගෙන්වීම පිටරට මුදල්වලින් ම කරන්න පුළුවන් නම් සහ එයට අදාළ රජයේ බදු ගෙවීම විදේශ විනිමයෙන් ම කරන්න පුළුවන් නම් එහිදී රටට ද විදේශ විනිමය ගලාඒමක් සිදුවන බව ද මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා කීවේය.

ඒ නිසා මේ යෝජනාව හෙට අනිද්දාම ලිඛිතව රජයට දැනුම් දීමට අපේක්‍ෂා කරන බවත් ඉන් පසු එම යෝජනාව සලකා බලා රජයට තීරණයක් ගත හැකි බවත් කබ්රාල් මහතා කීවේය. දැනට වාහන මිල අධික වීම, වාහන ගෙන්වීමේ අවශ්‍යතාවක් තිබීම සහ රටට විදේශ විනිමය ගෙන්වා ගැනීමට අවශ්‍ය වීම යන සියලූම පැතිවලින් බැලීමේදී මේ යෝජනාවේ සාධනීයභාවයක් ඇති බව ද ඒ නිසා මහ බැංකුව ඒ සඳහාවන යෝජනාව රජයට ඉදිරිපත් කරන බව ද මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා තවදුරටත් ප‍්‍රකාශ කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment