වාහන ආනයනය ගැන තීන්දුව දෙසැම්බරයේ – මහ බැංකු අධිපති

382

වාහන ආනයනයට ඉඩදීම සම්බන්ධයෙන් දෙසැම්බර් මාසයේදී තීරණයක් ගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි.

දෙසැම්බර් වන තෙක් දැනට එහි වෙනසක් නොවන බවද මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා කීවේය. දෙසැම්බර් මාසය පමණ වන විට අනෙකුත් සාධක දෙස බලා ඒ ගැන තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් කළේය.

එසේම අනෙකුත් ආනයන සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන්ද දිගින් දිගටම පවත්වාගෙන යෑමට අදහස් නොකරන බව සඳහන් කළ කබ්රාල් මහතා ඕනවට වඩා වැඩි තොග රැුස් කිරීමට කටයුතු නොකරන ලෙස තමා ආනයනකරුවන් හමුවූ අවස්ථාවේ ඔවුන්ට දැනුම් දුන් බවද පැවැසීය.

අවශ්‍ය ප‍්‍රමාණයට පමණක් ආනයනය කර ගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි බවද මේ විනිමය අර්බුදය සමනය කර ගැනීමට එය පහසුවක් වන බවද පසුගියදා ඔන්ලයින් තාක්‍ෂණය ඔස්සේ පැවැති සංවාදයකදී මාධ්‍ය කළ විමසුම්වලට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා තවදුරටත් සඳහන් කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment