වාහන කෑලි හා එළවළු අවුලත් සංචාරක කර්මාන්තයට බලපාලා

402

රජය විසින් වාහන සහ වාහන අමතර කොටස් ආනයනය සීමා කිරීමත් පොහොර අර්බුදය නිසා එළවළු සහ පලතුරු අස්වැන්න අඩුවීමත් සංචාරක කර්මාන්තයට අහිතකර ලෙස බලපා ඇතැයි විදෙස් සංචාරක නියෝජිත ආයතන සංගමය පවසයි. මේ වන විට යුරෝපා රටවල සිට සංචාරකයන් මෙරටට පැමිණීමට හෝටල් වෙන් කිරීමට පටන්ගෙන ඇතැයි පවසන එම සංගමය ඔවුන්ගේ සංචාරක ගමන් සංවිධානය කිරීමේදී සුඛෝපභෝගී වාහන භාවිත කළ යුතු බවත් දැනට පවතින සංචාරක සුඛෝපභෝගී වාහන රැසක් අබලන් තත්ත්වයේ පවතින බවත් කියයි. අබලන් වාහන අලූත්වැඩියාව සඳහා අවශ්‍ය අමතර කොටස් නොමැති බවද එම සංගමය සඳහන් කරයි. එසේම බොහෝ සංචාරකයන් ශී‍්‍ර ලංකාවේ උඩරට එළවළු වර්ග ආහාරයට ගැනීමට වැඩි රුචිකත්වයක් දක්වන බවත් ඒවා හිඟවීම සහ මිල අධික වීම මත හෝටල් හිමියන් දැඩි අසීරුතාවට පත්වන බවද පවසයි.

විදෙස් සංචාරකයනට නිසි සත්කාර සිදුකිරීමට නොහැකි වුවහොත් ඔවුන් යළි ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගැනීම අපහසු බවද පවසන එම සංගමය රජය මේ පිළිබඳව අවධානය යොමු කර කඩිනමින් විසඳුම් ලබාදිය යුතු යැයි ද සඳහන් කරයි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment