වාහන තදබදයෙන් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් – විගණනය පෙන්වා දෙයි

117

රථ වාහන තදබදය නිසා මෙරට ආර්ථිකයේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 1.8ක් අහිමිවී යන බව අනාවරණය වී ඇත.

අග නගර සංවර්ධන සැලැස්ම අනුව (2019-2030) ප්‍රවාහන තදබදය නිසා ශ්‍රී ලංකා ආර්ථිකයේ වාර්ෂික දළ ජාතික නිෂ්පාදන ප්‍රමාණයෙන් සියයට 1.8ක් අහිමිවී යන බවට ඇස්තමේන්තු කර ඇත. රථවාහන තදබදයේ ආර්ථික පිරිවැය අගය කිරීම යන මාතෘකාව යටතේ 2017 වර්ෂයේ දී ප්‍රසිද්ධ කරණු ලැබූ පර්යේෂණ වාර්තාවකට අනුව ආර්ථිකයට වන හානිය රු. බිලියන 32ක් වශයෙන් ඇස්තමේන්තු කොට තිබුණි. රථ වාහන තදබදය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවන අතර කොළඹ නගරය සහ අවට ප්‍රවේශ මාර්ගයන්හි රථ වාහන තදබදය අවම කිරීම සඳහා අදාල රාජ්‍ය ආයතන විසින් සිදුකරණු ලැබූ කාර්ය භාරය ඇගැයීම සඳහා ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක මෙම තොරතුරු සඳහන් වේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment