වාහන දෙකක් හා යතුරුපැදියක් ගැටී අයෙක් මරුට…

166

කොළඹ – නුවර ප‍්‍රධාන මාර්ගයේ තෝලංගමුව ප‍්‍රදේශයේදී ටිපර් රථයක්, කැබ් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගෑටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු මියගිය බව වරකාපොළ පොලිසිය පවසයි.
 
 මෙම අනතුරින් මියගොස් ඇත්තේ තුංතොට හොලොම්බුව ප‍්‍රදේශයේ පදිංචි දනන්සූරිය ආරච්චිලාගේ උපාලි ධම්මික කරුණාරත්න නමැති (37) හැවිරිදි දෙදරු පියෙකි.
 
 ටිපර් රථය නුවර ප‍්‍රදේශයේ සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ ඇති අතර කැබ් රථය හා යතුරුපැදිය වරකාපොළ දෙස සිට තෝලංගමුව දෙසට ගමන් කරමින් තිබී ඇත. එක්වරම කැබ් රථයේ රියදුරු තවත් වාහනයකට ඉස්සර කිරීමට වැරදි මං තීරුවේ ගමන් කරමින් සිටියදී ඉදිරියේ නිවැරදි මං තීරුවේ පැමිණි ටිපර් රථ රියදුරු අනතුර වළක්වා ගැනීමට තම වාහනය දකුණු දෙසට හෑරවීමේදී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියේ ගෑටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව වරකාපොළ පොලිසිය පවසයි.
 
 අනතුරින් බරපතළ තුවාල ලැබූ යතූරුපැදිකරු වරකාපොළ රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
 
 මෙම අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරින් පසු එම ස්ථානයෙන් පලාගිය කැබ් රථයේ රියදුරු සොයා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
 
 සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වරකාපොළ පොලිසිය රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂක කරූණාසිංහ, පොලිස් සැරයන් (34590* වික‍්‍රමරත්න යන නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.
 
– වරකාපොළ සරත් ආනන්ද ලියනගේ,  අතිරේක වසන්ත කුමාර මාපා
 

advertistmentadvertistment
advertistmentadvertistment