වාහන වංචාවට සැකකාර පියතුමා රිමාන්ඩ්

255

ජපානයේ සිට ගෙන්වා ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 80ක් වංචා කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පියතුමා ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (09 දා) නියෝග කළේය.

වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට ඉදිරිපත් කළ වර්ණකුලසූරිය ලෙස්ලි ප්‍රනාන්දු නමැති සැකකාර පියතුමා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සැකකාර පියතුමා මෙම මුදල් ශ්‍යාමලී සමරනායක නැමැත්තියක් වෙත ලබා දී ඇති බවත් ඇය කෝටි ගණනින් මුදල් වංචා කළ එවැනි වැරදි ගණනාවකට ඇප මත සිටින්නියක් බවත් අධිකරණයට කියූ සැකකාර පියතුමා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සුදුසු ඇපයක් මත පියතුමා මුදාහරින ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම අවස්ථාවේ සැකකාර පියතුමා අදාළ කාන්තාව වෙත මුදල් දුන් බවට ලේඛනයක් ඉදිරිපත් කළ හැකිදැයි නීතිඥවරයාගෙන් විමසා සිටි මහෙස්ත්‍රාත්වරයා එම ලේඛන ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම මත සැකකාර පියතුමා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය. අදාළ කාන්තාව සම්බන්ධයෙන් 22 වැනිදා අධිකරණයට දන්වන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment