වාහන 14ක  ‘කොම්පියුටර් ජිල්මාට්වලින්’ කෝටි පනහක පාඩුවක්

251

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සාවද්‍ය ලෙස දත්ත ඇතුළත් කරමින් සුඛෝපභෝගි ජීප්රථ 11ක් ඇතුළු වාහන 14ක් නිත්‍යානුකූල වාහන ලෙස මෙරට භාවිතය සඳහා මුදාහැරීම නිසා එකී මෝටර් රථ සඳහා නිෂ්පාදන හා, සුඛෝපභෝගි බදු මෙන්ම අනිකුත් රජයේ අය කිරීම් ලෙස . අය විය යුතු රුපියල් හතළිස් නම කෝටි අනූපන්ලක්ෂ හැටනමදහස් තුන්සියයක (499,569,300) ආදායමක් රජයට අහිමි වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

රේගු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ හෝ මෙරට දී නීති විරෝධී ලෙස එකලස් කළ හෝ වාහන 14ක දත්ත මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සාවද්‍ය ලෙස ඇතුළත් කර ඇති බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.

පරිගණක පද්ධතියට සාවද්‍ය ලෙස නව ලියාපදිංචි දත්ත ඇතුළත් කර ඇති අතර කිසිදු ලියාපදිංචි ගාස්තුවක් අයකර නොතිබුණි. මේ නිසා රජයට අහිමි වී ඇති ලියාපදිංචි ගාස්තු ආදායම රුපියල් 335,300කි. එමෙන්ම සුඛෝපභෝගි ජීප්රථවලින් රජයට අහිමි වී ඇති සුඛෝපභෝගි බදු ආදායම රුපියල් 37.50000කි. මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කර නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත.

රේගු හා නිෂ්පාදන බදු අයකරනු ලබන්නේ රේගු දෙපාර්තමේන්තුව විසින් අදාළ නිශ්කාශන බදු ගෙවීමෙන් පසුව ා්ඒ කසබන කිරීමට කටයුතු කරන අතර එම ා්ඒ කසබන වී ඇති රථ පමණක් ලියාපදිංචිය සිදුකරන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් විගණනයට සඳහන් කර ඇත. එමෙන්ම වාහන 14ක් අතුරින් වාහන 06ක් සඳහා බදු ගෙවා ඇති බවත් ඉතිරි වාහන සඳහා බදු අයකර ගැනීමට කටයුතු කරන බවත් මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් විගණනයට සඳහන් කර ඇත. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු සඳහන් වේ.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල
 

advertistmentadvertistment
advertistmentadvertistment